සර්වබලධාරි දෙවඟන විශ්වය නිර්මාණය කළා නම් ඇයව මැවුවේ කව්ද?


මෙය බොහෝ අදේවවාදීන් නගන ප්‍රශ්නයකි. නමුත් මෙය වැරදි ප්‍රශ්නයකි. ආරම්භයක් හෝ අවසානයක් කතා කළ හැක්කේ කාලය මත යැපෙන දෙයකට. හින්දු ධර්මය තුළ පවසන ආකාරයට අපගේ විශ්වයේ කාලයට ආරම්භයක් තිබුණි. කාලය ආරම්භ වීමට පෙර සිටි දේව මෑණියන්ගේ පැවැත්ම සදාකාලික අමරණීය පැවැත්මක් වන්නේ එතුමිය කාලයට ස්වායක්ත නොවී කාලයේ කතෘවරයා වන නිසාය. එතුමිය කාල චක්‍රයේ පාලිකාව වන හෙයින් එතුමිය කාලි නමින් හඳුන්වනු ලබයි.


"මගේ මායා ශක්තිය මෙම මුළු විශ්වයම නිර්මාණය කරයි, චලනය වන සහ චලනය නොවන වස්තූන් සමඟ මේ මායාව මා තුළ ගැබ්ව ඇත. ඇත්ත වශයෙන්ම එය මගෙන් වෙනස් හෝ වෙන් නොවේ."

දේවී ගීතා 05:01

 

Share:

සර්වබලධාරි දෙවඟන යන්නෙහි අර්ථය කුමක්ද?

 


සර්වබලධාරි යන වචනය සෑදී ඇත්තේ සර්ව හෙවත් සියලු සහ බලධාරි හෙවත් බලය/ශක්තිය දරා සිටින්නා යන වචන දෙක එකතු වීමෙනි. සර්වබලධාරි යන්නට අනුරූපව සර්වඥ (සියල්ල දත්) සහ සර්වව්‍යාප්ති (සියල්ල තුළ පැතිරී පවතින) යන වචනයන්ගෙන්ද අප කවුරුත් දන්නා උත්තරීතර ශ්‍රේෂ්ඨ දෙවඟන ආමන්ත්‍රණය කරනු ලබයි. දෙවඟන සියල්ල නිර්මාණය කරන්නා සේම නිර්මාණයෙන් පසුව ඒ නිර්මාණය තුළ තිබෙන සෑම පරමාණුවක් තුළම පැතිර සිටිමින් තම අධිකාරය යටතේ සියල්ල පාලනය කරන නිබැවින් දෙවඟන සර්වබලධාරි එකම දෙවියන් වහන්සේ ලෙසින් හදුන්වයි.

පූර්ව කාලයේ, නිර්මාණ අවධියේදී, ත්‍රිපුරා නම් විශ්ව විඥානය පමණක් පැවතියහ. ඇය හැර අන් කිසිවක් නොවීය. ස්වයං ස්වාධීන ශක්තියේ ප්‍රතිමූර්තිය වන ඇයට නිර්මාණය කිරීමට අවශ්‍ය විය; එවිට ඉච්චාව වර්ධනය විය. තෘෂ්ණාවෙන් ඥානය ඉපදී ක්‍රියාව ඇති විය. ඇයගේ ක්ෂණික බැල්මෙන් ත්‍රිත්වය ජන්මය ලැබීය. පශුපති ඉච්චාව නියෝජනය කරන අතර හරි ඥානය සහ බ්‍රහ්මා ක්‍රියාව නියෝජනය කරයි. ශංකරිය ඔවුන් දෙස බැලූ අතර ඔවුන් ස්වාභාවිකම ශක්තිමත් සහ සත්‍යවාදි විය. (ත්‍රිපුරා රහස්‍ය - මාහාත්ම්‍ය ඛන්ද 18: 22)

සර්වබලධාරිත්වය හේතුකොට ගෙන දෙවඟනට කළ නොහැකි කිසිවක් නැත. නමුත් එතුමියගේ නිර්මාණය තුළදි එතුමිය යම් යම් දෑ කිරීමට අපොහොසත් වීම යනු එතුමියගේ සර්වබලධාරීත්වය නැතිවී යාම නොවේ. දෙවඟන සර්ව සම්පූර්ණය එබැවින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයේ උත්තරීතර ප්‍රතිමූර්තිය ඇයයි. එබැවින් නිර්මාණය තුළ ඇය විසින් සකසන ලද නියමයන් ඇය විසින්ම කිසිදා බිඳ නොදමයි. එබැවින් ජිවියෙකුට අමරණීයත්වය ප්‍රධානය කිරීමට පවා දෙවඟන හැකියාව තිබුනද, ඇය එසේ නොකරන්නේ ඇයගේ නියමයන් අනුව යම් කෙනෙක් ජන්මය ලැබුවොත් මරණය නියත නිසාය.

ශරීරයකින් යුක්තවූ දෙවියන්වහන්සේ එනම් ත්‍රිපුර සුන්දරි දේවිය සර්වබලධාරිය. උන්වහන්සේගේ ශක්තිය අපරිමිත ය. සියලු ශක්තීන්ගේ මූලය එතුමියයි. එතුමියගේ නිර්මාණය තුළ පවතින අද්විතීය බව සහ විවිධත්වයෙන් ඇයගේ සර්වබලධාරිත්වය පැහැදිලිව සහ අපැහැදිලිව දක්නවට ලැබේ. මිනිසාට යමක් නිර්මාණය කිරීමට ද්‍රව්‍ය සහ ආම්පන්න අවශ්‍ය වන නමුත් සර්වබලධාරි දෙවඟන සියලු ශක්තීන්ගේ මූලය බැවින් ඇයට කිසිවකගේ සහයක් අවශ්‍ය නොවේ. ඇය සර්ව සම්පූර්ණ සේම, සර්ව ශ්‍රේෂ්ඨය.  ඒ බව පාරිශුද්ධ දෙවඟනගේ දේව වචනය තුළ පැහැදිලිව අඩංගු වේ.

මා බ්‍රහ්ම ස්වරූපයෙන් සුචල නිශ්චල ලෝකය නිර්මාණය කරමි. ඉන්පසු මාගේ අභිමතය පරිදි  විශ්වය පෝෂණය කිරීමට සහ දුෂ්ටයන් අවසන් කිරිමට මා පරම පුරුෂ විෂ්ණු ස්වරූපයෙන් ප්‍රකට වෙමි. අවසානයේ රුද්‍ර ස්වරූපයෙන් එම දුෂ්ටයන් සංහාරය කරමි. මේ අනුව මා විශ්වීය ස්වරූපයෙන් පෘථිවිය පාලනය කරමි. මා පුරුෂයාට බෙහෙවින් සමාන වෙමි මන්ද යත් මා නොමැතිව ඔහුට කිසිවක් කළ නොහැක. (භගවති ගීතා 15:18)

සර්වබලධාරි දෙවඟන සෑම ස්ථානයකම සෑම අයෙකු තුළම ශක්ති ස්වරූපයන් වාසය කරනු ලබයි. සෑම ජිවියෙකුම හුස්ම ඉහලට පහළට ගන්නේද, එතුමියගේ ශක්තිය කරණ කොට ගෙනයි. දෙවඟන තම ශක්තිය නිර්මාණයේ සෑම අංශුවකටම ත්‍යාගයක් ආකාරයට පිරිනමා ඇත. භක්තිකයාගේ අවසාන පරමාර්ථය නම් තමා තුළ පවතින එතුමියගේ නිද්‍රාශීලි ශක්තිය අවධි කොට ඒ තුළින් ස්වයං විමුක්තිය ලබා ගැනීමයි

Share:

දේවී භාගවත පුරාණ - මහිෂාසුර මර්ධිනී 01

 

මහීෂ ධානවයාගේ උපත



රම්භ සහ කරම්භ යනු කශ්‍යප මුණිවරයාගේ පතිනිය වන දනු දේවියගේ පුතුන් දෙදෙනා ය; මේ ධානවයන් දෙදෙනා  ලෝකයේ බොහෝ ප්‍රසිද්ධියට පත්වූයේ ඔවුන්ගේ ප්‍රමුඛත්වය නිසාය. ඔවුන්ට කිසිදු ගැටලුවක් තිබුණේ නැත. එනිසා දැඩි තණ්හාවට ආශා වූ ඔවුහු ඉන්දු නදියේ පූජනීය ඉවුරට ගියහ. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් තපස් රකින්නට විය. කරම්භ ජලයේ ගිලි ගිය අතර මේ අනුව ඔහුගේ දැඩි තපස ආරම්භ විය; රම්භ යක්ෂයින් විසින් ආරක්ෂා කරන ඇසතු වෘක්ෂයක් පාමුළට ගොස් අග්නියට නමස්කාර කිරීමට පටන් ගත්තේය. මේ බව දැනගත් ස්වර්ගාධිපති වූ ඉන්ද්‍ර තැතිගැන්මට පත් වී ඉන්දු නදිය වෙත ගොස් කිඹුලෙකුගේ ස්වරූපය ගෙන දුෂ්ට කරම්භගේ පාදයෙන් අල්ලා ඔහු මරා දැමුවේ ය.


තම සොහොයුරාගේ මරණය ගැන ඇසූ ඔහුගේ සහෝදරයා වන රම්භ බොහෝ සේ කෝපයට පත් වූ අතර තමාගේම හිස අග්නියට පූජා කිරීමට තීරණය කළේය. ඔහු කෝපයට පත් වී හිස වම් අතින් ද, පොරවක් ඔහුගේ දකුණු අතින් ද අල්ලාගෙන සිටියේ ය, එවිටම අග්නි දෙවියන් ඔහුට ජිවිතය පිළිබඳ ඥානය ලබා දි ඔහුව මෙම පාපි ක්‍රියාවෙන් ඉවත් කොට ආමන්ත්‍රණය කළේය.

ඔබ මෝඩයෙකි; ඔබේ හිස පූජා කිරිමට තීරණය කරේ ඇයි? තමන්ගේ ජිවිතය පූජා කිරිමට මහා පාපයකි; එම පාපයෙන් මිදීමට ක්‍රමයක් නැත. ඇයි ඔබ එහෙනම් එවැනි පාපයකට යොමු වෙන්නේ? දැන් ඔබ මරණය නොසොයා මාගෙන් වරයක් ඉල්ලන්න ඒ අනුව ඔබේ සුභසාධනය ඔබට ලැබෙනු ඇත.


අග්නි දෙවියන්ගේ මිහිරි වදන් ඇසූ රම්භ තම හිස්කෙස් අත්හැරමෙසේ කීවේය: - දෙවිවරුන්ගේ ස්වාමීනි! ඔබ මාගේ තපස කෙරෙහි සතුටු වන්නේ නම්, මට ආශීර්වාදය ලබා දෙන්න; මාගේ සතුරන්ගේ බලවේග විනාශ කර දමන, තුන් ලෝක පාලනය කර හැකි දෙවියන්, ධානවයන් සහ මිනිසුන් විසින් පරාජය කළ නොහැකි සියල්ලන් විසින් ගරු කරනු ලබන පුත්‍රයෙකු ලබා දෙනු මැනවී.

අග්නි දෙවියන් මෙසේ පැවසීය: - අහෝ! ඔබ කැමති පරිදි ඔබේ පුත්‍රයා ඔබට ලැබෙනු ඇත. එබැවින් ඔබ සියදිවි නසා ගැනීමට තැත් කිරීමෙන් වළකින්න. රම්භ!  ඔබට පළමුව හමුවන ඕනෑම වර්ගයක ඕනෑම ස්ත්‍රියකු සමඟ, ඔබ සංවාසයේ යෙදුනු විට ඔබට වඩා බලවත් පුත්‍රයකු ලබා ගත හැකිය; මෙහි කිසිදු සැකයක් නැත.


මේ අනුව අග්නි දෙවියන්ගේ මිහිරි වචන ඇසූ රම්භ, යක්ෂයන් වටකර අලංකාර ස්ථානයකට ගිය අතර එහි මහීෂ ස්ත්‍රියක් දැක ඇය කෙරෙහි දැඩි ආශාවක් ඇති වී ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට සිතා ගත්තේය. ඇයද සතුටින් ඔහුගේ අරමුණට එකඟ වූ අතර ඉරණම අනුව ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරී එයින් ඇය  ගැබ් ගත්තාය. ඔහු තම ආදරණීය බිරිඳව ඇයගේ ආරක්ෂාව සඳහා පාතාලය වෙත ගෙන ගියේය. එක් අවස්ථාවකදී තවත් මහීෂයෙකුටද ඇයව අයිති කර ගැනීමටද අවශ්‍ය විය. රම්භ ඔහුව මරා දැමීමට සූදානම් විය තම බිරිඳගේ ආරක්ෂාව සඳහා මී හරකාට පහර දුන්නේය . කලබල වූ මී හරකා ඔහුගේ තියුණු අංවලින් ඔහුට දරුණු ලෙස පහර දුන් අතර රම්භ සිහිසුන්ව වැටී අවසානයේ මිය ගියේය. තම ස්වාමිපුරුෂයා මියගොස් ඇති බව දුටු ඇය භීතියෙන් යක්ෂයන් යටතේ රැකවරණය සලසන ඇසතු වෘක්ෂය වෙත පලා ගියාය. නමුත් කාමයෙන් උමතු වී සිටි  මී හරකාද ඇය පසුපස දිව ගියේය.  ඇය පසුපස ලුහුබඳින මී හරකු දුටු යක්ෂයන් ඇයව ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය. මහීෂයා  සහ යක්ෂයන් අතර දරුණු සටනක් ඇති විය. අවසානයේ ඔවුන්ගේ හී ප්‍රහාර හමුවේ  මී හරකා බිම වැටී මිය ගියේය. රම්භට  බොහෝ සෙයින් කැමති වූ යක්ෂයෝ ඔහුගේ මළ සිරුර පවිත්‍ර කිරීම සඳහා ආදාහනය කළ අතර තම සැමියාගේ චිතකය දුටු මහීෂ ස්ත්‍රිය එම ගින්නට පැන තම ජිවිතය පූජා කිරිමට තීරණය කළාය. යක්ෂයෝ එයට විරුද්ධ වුවද; නමුත් ඇය ඉක්මනින් තම ස්වාමිපුරුෂයා සමඟ දැවෙන ගින්නට ඇතුළු විය. ඇය ගර්භාශයෙන් බලවත් මහීෂාඅසුර ජන්මය ලැබු අතර; රම්භ ද තම පුත්‍රයාට ඇති ස්නේහය හේතුවෙන් වෙනත් ස්වරූපයකින් අග්නිය තුළින් ප්‍රකට විය. රම්භ ඔහුගේ ස්වරූපය වෙනස් කිරීමෙන් පසුව රක්තවීජ ලෙස හැදින්විය. ඔහුට ලැබු වරය  අනුව උපන් මෙම ශක්තිමත් ධානවයා මහීෂාසුර නමින් ප්‍රසිද්ධියට පත්විය. අසුරයන් විසින් ඔහුව  සිංහාසනය මත ස්ථාපනය කළේය. ඉතා බලසම්පන්න රක්තවීජ සහ මහීෂ සියලු දෙවියන් මනුෂ්‍යන් සහ අසුරයන් ඉදිරියේ අපරාජිත විය.

සුමේරු පර්වතය මුදුනට ගිය මහිෂාසුර බ්‍රහ්ම දෙවියන් උදෙසා ඉතා අනර්ඝ තපසක් ආරම්භ කරේ තම ශක්තිය තව තවත් වඩවා ගැනීමටයි. වර්ෂ දසදහසක් ඉක්මවූ කළ ඔහුගේ තපස කෙරෙහි ප්‍රසන්න වූ බ්‍රහ්ම දෙවියන් වර ලබාදීමට ඔහු ඉදිරියේ ප්‍රකට විය. 

ඕ ගුණවත් ආත්මය! ඔබ අපේක්ෂිත වරය කුමක්දැයි මාගෙන් විමසන්න; මා ඔබට ආශීර්වාද කරමි

මහීෂ මෙසේ පැවසුවේය: - “ස්වාමීනි, මට අමරණීය වීමට අවශ්‍යයි! එබැවින් අහෝ දේවතාවන්ගේ මුත්තනුවනි! මරණයට බිය දුරුවීමට මා වෙනුවෙන් යමක් කළ හැකිද?

බ්‍රහ්ම මෙසේ පැවසීය: - “මහීෂ!  යම් කෙනෙකු ජන්මය ලබන්නේද ඔහුගේ මරණය නියතියකි. මෙය ස්වභාවධර්මයේ සදාකාලික නීතියයි. මෙය තරයේ වටහා ගන්න. උපන් යමෙක් මිය යා යුතුය; යමෙක් මිය ගිය විට යමෙක් ඉපදෙන්නේ ය. තව කුමක්ද මීට වඩා පැවසීමට අවශ්‍ය, උස් පර්වත, විශාල සාගර සහ සියලු ජීවීන්ද කාලයත් සමඟ මිය යනු ඇත. එබැවින් අමරණීයභාවය හැර වෙනත් වරප්‍රසාදයක් විමසන්න. මම එය ඔබට ලබා දෙන්නෙමි. 

මහීෂ මෙසේ පැවසුවේය: - “දෙවියනි! එසේ නම්, දේව, ධානව මනුෂ්‍ය හෝ කිසියම් පුරුෂ ලිංගයෙකු අතින් මාගේ මරණය සිදු නෝවිමට වරයක් ප්‍රදානය කරන්න. ස්ත්‍රියක් පමණක් මාගේ මරණයට හේතු විය හැක. නමුත් කාන්තාවක් මා මරා දැමිය හැක්කේ කෙසේද? ඔවුන් ස්වභාවයෙන්ම ඉතා දුර්වල කොට්ඨාසයකි.! ”


බ්‍රහ්ම මෙසේ පැවසීය: - “ධානව රජුනී! ඔබේ මරණය නිසැකවම ස්ත්‍රියක් හරහා ඕනෑම වේලාවක සිදුවනු ඇත. අහෝ වාසනාවන්තය! ඔබව මරණයට පත් කිරිමට කිසිඳු පුරුෂයෙකුට නොහැකි වනු ඇත. ”

මේ අනුව ඔහුට ආශීර්වාද ලබා දී මහාබ්‍රහ්මයා තම වාසස්ථානයට ගිය අතර අසුරයන්ගේ ස්වාමියාද ඔහුගේ ස්ථානය වෙත ආපසු ගියේය.

මහා ඍෂි වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ 5වන කාණ්ඩයේ දෙවන පරිච්ඡේදය වන මහීෂ ධානවයාගේ උපත මෙතෙකින් සමාප්තය.


මතු සම්බන්ධයි...


Share:

නිකුම්බිලා දේවිය

ලංකා පුරයේ කුළ දෙවඟන වන නිකුම්බිලා දේවිය 




නිකුම්බිලා දේවිය, නිකුම්බිකා, නිකුම්බුලා ආදි විවිධ නාමයන්ගෙන් ආමන්ත්‍රණය කරන්නා වූ ප්‍රත්‍යන්ගිරා මෑණියන්ගේම එක් රෞද්‍ර ස්වරූපයකි. ඇය පිළිබඳව සාධනා මන්ත්‍ර ආදි විස්තර අඩංගු වන්නේ තන්ත්‍ර තුළයි. නිකුම්බිලා දේවිය ආමන්ත්‍රණය කරන්නා වූ තවත් ප්‍රචලිත නාමයක් වන්නේ “ශතෘ විද්වංශිණි” යන නාමයයි. ඇය උදේසා සාධනා කරන සාධකයන්ගේ සතුරන් කෙතරම් බලවත් වූවත් මෑණියන්ගේ ශක්තිය ඉදිරියේ ඒ සියලු ශක්තීන් නිෂ්ක්‍රීයයි.

නිකුම්බිලා දේවිය පිළිබඳ තවත් විශේෂ වූ කාරණයක් වන්නේ එතුමිය රාවණ රජුගේ කුල දෙවඟන ලෙස පිළිගැනීමයි. එතුමියව පළමුව වන්දනා කරනු ලැබුවේ බ්‍රහ්ම දෙවියන් විසින් වන අතර වැඩි වශයෙන් වන්දනා කරේ මේඝානාද කුමරුන් විසින්. නිකුම්බිලා දේවිය ලංකා රාජධානිය තුළ පළමුව ප්‍රකට වූයේ කුම්බලා නම් ග්‍රාමයේ නුග වෘක්ෂයක් පාමුළයි. එම ස්ථානය සති දේවියගේ ග්‍රහණිය පතිත වූ ශක්ති පීතයක් ලෙසද ජනප්‍රවාදයක් තිබේ.

ජනප්‍රවාදයන්ට අනුකූලව නිකුම්බිලා දේවියගේ ආගමනය මෙසේ සිදු වුනා.

එක් කලෙක රාවණ රජු ශිව දෙවිඳුන්ගේ රුද්‍ර ස්වරූපය උදේසා දීර්ඝ තපසක් ආරම්භ කළ අතර තපස අවසානයේ ශිව දෙවිඳුන් පාර්වති මෑණියන් සමඟින් රාවණ ඉදිරියේ ප්‍රකට විය. එනමුදු පාර්වති මෑණියන් දුටු රාවණ රජු මාතෘ ප්‍රේමයෙන් නොව කාම තෘෂ්ණාවෙන් යුතුව ඇය දෙස බලා තම වරය ලෙසට පාර්වති මෑණියන්ව විමසුවේය. ශිව දෙවියන් තම බැතිමතා වෙනුවෙන් එම වරය ලබා දුන්නත් පාර්වති මෑණියන් එයට එතරම් රුචි නොවුවාය. නමුත් ශිව දෙවිදුන්ගේ ලිලාවන් පිළිබඳව දන්නා මෑණියන් පාගමනින්ම රාවණ සමඟ ලංකාපුරයට පිටත් උනු අතර ශිව දෙවිඳුන් සමාධියට කාවැදුනහ.
රාවණ රජු මෑණියන් සමඟ පාගමනින්ම ලංකා පුරයට පැමිණ කුම්බලා ග්‍රාමය පසු කරන විට ඔහුගේ පිටු පසින් විශාල රස්නයක් දැනෙන්නට පටන් ගැනුණි. ඔහු පසුපස හැරි බලන විට දුටුවේ මෑණියන් අථර්වන බද්‍රකාලි (ප්‍රත්‍යන්ගිරා) ස්වරූපයෙන් සිටින ආකාරයයි. ඇයගේ ප්‍රචණ්ඩ ස්වරූපය දැක බියෙන් තැති ගත් රාවණ දෙවඟනට නැවතත් ශිව ලෝකය වෙත යන ලෙස ආයාචනා කරේය. නමුත් මෑණියන් බිහිසුනු ලෙස සිනා සී රාවණට පිළිතුරු දුන්නාය.
“මා කෙසේද මාගේ ස්වාමියාගේ අණට පිටු පාන්නේ? ඔබමයි පැවසුවේ ඔබට මා අවශ්‍ය බව.”
බියෙන් වෙව්ලුන රාවණ රජු රුද්‍ර දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගත් පසු එතුමා ප්‍රකට වීය. රාවණයන් මෑණියන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැලීම පිළිබඳව සමාව යැදු අතර ශිව දෙවිඳුන් ඔහුට සමාව ලබා දී කාමයේ ආදීනව පිළිබඳව පැවසූහ. ඉන්පසු රාවණ රජු ප්‍රථ්‍යන්ගිරා දේවිය වෙත හැරි නිල්-කුම්භ-ඉලා (නිල්-ස්ථිර, කුම්භ-ස්ථාපනය, ඉලා-රැඳෙන්න) ලෙස පැවසු අවස්ථාවේ පටන් මෑණියන්ට නිල්කුම්භඉලා යනුවෙන් නාමයක් ලැබන අතර පසුව එතුමියව නිකුම්බිලා ලෙසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්හ. එතැන් පටන් රාවණ රජු සෑම මසකම අමාවක දින සහ අව තුදුස්වක(අමාවකට පෙර) දින නිකුම්බිලා දේවියට පුද පුජා පැවැත්වීම ආරම්භ කරනු ලැබුවේය.

මේඝනාද නිකුම්බිලා දේවියගෙන් විජයිග්‍රහණයේ වරය ලබා සිටි අතර ඔහු නොපෙනි යාමේ වරය ලබා ගැනීමට නිකුම්බිලා යාගය සිදු කරන අවස්ථාවේදී ලක්ෂමණ සහ හනුමාන් ඇතුළු පිරිස එම යාග විනාශ කර දමයි. එමෙන්ම බොහෝ දෙනා තවත් නොදන්නා කාරණයක් නම් ලක්ෂ්මණ කුමරුද ප්‍රත්‍යන්ගිරා දෙවඟනගේ උපාසකයක් බව.

අථර්වන රහස්‍ය තුළ එන නිකුම්බිලා ධ්‍යාන ස්තෝත්‍රය තුළ ඇයගේ ස්වරූපය මෙසේ විස්තර කර තිබෙනවා.

ඇයගේ ශරීරය නීල මාණික්‍යක් මෙන්ය. සිංහ මුහුණක් සහිත ඇයට නේත්‍රා තුනක් තිබෙන අතර ඇයගේ හිස කෙස් ප්‍රචණ්ඩ අග්ණියයි. ඇයගේ තෝඩු වන්නේ මළ සිරුරු දෙකකි. එතුමියගේ මුඛයෙන් සහ දිවෙන් රුධිරය වෑස්සෙනවා සේම ඇයගේ ගෙල නහරක ගැට ගසා තිබෙන හිස් කබල් මාලයක් මෙන්ම ශංඛ සහ සිප්පි කටු වලින් තැනු මාලයකින්ද අලංකාරව තිබෙනවා. ඇයගේ පියයුරු ආවරණය කර තිබෙන්නේ ඉබි කටු වලිනි, බද්‍ර පටිය නිමවා තිබෙන්නෙ ඉබි අස්ථි වලිනි. එතුමියට අත් සතරකි දකුණු පස උඩ අතේ පොරවක්ද යට අතේ රුධිරය වෑස්සෙන ත්‍රීශූලයක්ද, වම් අත් දෙකේ මහාංකුෂ අංකුශයක්ද, සමරපාශ්‍යධ නම් පාශයක් ද දරා ගෙන සිටී.  ඇය නිරතුරුවම කුම්බලා ග්‍රාමයේ නුග වෘක්ෂය පාමුළ වාසය කරන අතර එතුමිය ප්‍රථ්‍යන්ගිරා දේවියගේ උග්‍රම ස්වරූපයකි.

Share:

කලාව සහ ශාස්ත්‍රයට අධිපති මාතංගි මෑණියන්ගේ කන්නලව්ව






සාදු! සාදු! සාදු! දෑත් පපුවේ තබා වැන්දේත් නළලත තබා වැන්දේත් ඔසවා තබා වැන්දේත්, අනන්ත නාම ගුණ පූජිත මහා ශක්ති දශ මහා විද්‍යා ස්වරූප වන්නාවූ, ශ්‍රී මහා මාතංගේශ්වරි දේව මෑණියන් වහන්ස! උතුම් ඔබ දේව මෑණියන් වහන්සේ මහා විද්‍යා ස්වරූපයක් වන්නාවූ සේම සකල ලෝක ජනයා කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව ඉන්ද්‍ර දෙවියන් ගේ වරදානයෙන් සෘෂි පදවිය ලද්දාවූ චණ්ඩාල කුලයේ මාතංග නම් ඍෂිවරයාගේ දියණියගේ ස්වරූපයෙන් මනු ලොව පහලව උච්චිෂ්ඨ චණ්ඩාලී නාමයෙන්ද ප්‍රකට වූ ඔබ වහන්සේ මහා මාතාංගේශ්වරි ස්වරූපයෙන් චතුර් හස්ථවලින් එක් හස්ථයකින් කඞ්ගයක්ද තවත් අතකින් මාණික්‍යක්ද, තවත් අතකින් මනුෂ්‍ය ශීර්ෂ කපාලයක්ද තවද වීණාවක්ද දරාගෙන විරාජමානව කීර පොතකයකු උරහිස දරාගෙන මරකත මාණික්‍ය හරිතවර්ණ පැහැයෙන් විරාජමාන විටෙක ශ්‍යාමලා නම් නාමයෙන්ද පූජිත ඔබතුමිය මාතංග කල්පයේදි ශුම්භ නිශුම්භ මර්ධනයෙන්ද, දෙවියන් ඍෂිවරුන් මනුෂ්‍ය සහිත සාධු ලෝක ජනයාට රැකවරණය දුන්නාවූ ඔබතුමිය මණිද්වීපයෙහි වාසය කරන්නාවූ මාතාංගේශ්වර ශිව දෙවියන් ගේ උකුලෙහි වාසය කරමින් සකල ලෝකයා කෙරෙයි දයාවෙන් බරිතව වාසය කරන්නාවූ ඔබතුමිය මහා රාජ මාතාංගේශ්වරි ස්වරූපයෙන් දශභුජ හස්ථ දරාගෙන ස්වර්ණ මිණි කිරුළු පලදා මල්මාලාවෙන් සුපූජිතව පද්මාසනාරූඪව වසමින් ත්‍රිශූල, පාශ, අංකුශ, ශංඛ, කලශ, පද්ම, පුස්තක, ජපමාල දරාගෙන උක්දණ්ඩක්ද අත තබාගෙන වීණාවක් වාදනය කරමින් ගිරවෙකුද දරාගෙන වාසය කරන්නාවූ ඔබතුමිය ශ්‍රී ලලිතා මෑණියන්ගෙ මන්ත්‍රිනි ලෙසද, ශ්‍රී මහා සරස්වති දේව මෑණියන් වහන්සේගේම තාන්ත්‍රික විද්‍යා ස්වරූපයෙන් මහා මාතාංගේශ්වරි නාමයෙන් පරසිදුව සකල ලෝකයා කෙරෙහි අනුග්‍රහ කරන්නාවූ ඔබතුමිය සියලු වාග් විද්‍යා නාදයන්ගේ උප්පත්තියට කාරණා බැවින් වාග්දේවී නාමයෙන්ද, සියලු යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යා සාධනා දෙන්නා වූ සිද්ධි ප්‍රධායිනි නමින්ද, සකලවිධ මනුෂ්‍ය අමුනුෂ්‍ය දිව්‍ය, සුර, අසුර, නාග සුපර්ණක ගාන්ධර්වයන් සේම මෘග සතත්වයන්ද, වසඟ කල බැවින් සර්ව වසංකරී යන නාමයෙන්ද, ස්ත්‍රී පුරුෂයන්ද, දෙවියන් සහිත සකල ලෝකයා මෝහණය කරන බැවින් මෝහිණී නාමයෙන්ද, සකලවිධ ආහාර ප්‍රත්‍ය ධන ධාන්‍ය ස්වර්ණ රජත මාණික්ය මුක්ත හා සකල යස ඉසුරු ප්‍රධානය කරන්නාවූ බැවින් අනන්ත ⁣ඵෙශ්චර්ය සාධිනී නාමයෙන් වන්නා වූද, මෙසේ මහා මාතාංගේශ්වරි, රාජ මාතාංගේශ්වරි ශ්‍රී මාතාංගේශ්වරි ඔබතුමිය හ්රීම් බීජ මන්ත්රයෙන් ප්රකාශිතව වසන්නාවූද ඔබතුමියගේ ශ්‍රී නාමයට සැදී පැහැදී මෙකී ආකාරයෙන් අභිෂේක සුගන්ධ වස්ත්‍ර ආභරණ දීප පුෂ්පදාම ආදියෙන් හැකි පමණ ⁣පූජා කර ක්ෂීර පායාස මධු පාන පලතුරු සුවද පැන් ඖෂධ රසකැවිලි ආදියෙන් සන්තර්පණය කරවා මන්ත්ර පූජා ස්තෝත්‍ර පූජා ස්තූති පූජා ආදිය හැකි පමණ කරවා වැඳ කන්නලව් කර අයැද සිටිනුයේ ඔබතුමියගේ කරුණාබරිත මුව මඩලින් වෑහෙන්නාවූ සඳ කිරණ බදු අමෘත ස්නේහයේ අපරිමිත දයාවේ ආශිර්වාදයෙන් සියලු යහපත ශුභ ශාන්තිය ලගාකර දෙන ලෙසත්, විද්යාර්ථයන්ගේ ශාස්ත්ර ඥාන අභිවෘද්ධියත් රෝගීන්ගේ ආරෝග්යත් දුක්ඛිතයන්ගේ දුක්ඛ නිවාරණයෙන් සංතුෂ්ඨියත් දරිද්රයන්ගේ දරිද්‍රතාවයෙන් මිදී සෞභාග්යයත්, ඵෙශ්චර්ය හීන අයගේ සකල ඵෙශ්චර්යත් වඩවාලා සාධු ජනයාගේ හිත පිණිස ආශිර්වාද කරන ලෙසත්, අප කෙරෙහි අනුකම්පාවෙන් නිත්ය ආශිර්වාදයෙන් වාසය කරන ලෙසත්ය. ඕම් ශාන්ති ! ශාන්ති ! ශාන්තිහී !
චරිත් අනුරාධ
Share:

දුර්ගා පූජා හෝමය




අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනා දුර්ගා මෑණියන්ව වන්දනාමාන කරනවා.ඒ වගේම එතුමියට කරන විවිධ පූජා වලටද උනන්දුවක් දක්වනවා. ඉතිං දෙවියන්ට කරන විවිධාකාරයේ පූජාවන් තියෙනවා. එකෙන් විශේෂ පුජාවක් තමයි හවන් එනම් හෝම (අග්නි) පූජාව. හෝම පුජාවක් කියන්නේ මොකක්ද කියලා මම සරලව කිව්වොත් අග්නියට කරන කැපකිරීමයි. හින්දු විශ්වාසයට අනුව මේ හෝමයට කැපකරන සෑම දිව්‍යමය වස්තුවකම ශක්තිය මේ වාතලයට මුදාහැරෙනවා වගේම ඒ ශක්තිය දෙවියන් ආග්‍රහණය කරනවා. ඉතිං විවිධාකාරයේ හෝම වර්ග තියෙනවා ඒවා එකිනෙක අතර අරමුණ සම්ප්‍රදාය අනුව වෙනස්කම් තියෙනවා. අද මම ඔයාලට කියන්න යන්නේ දුර්ගා මෑණියන් වැඩියෙන්ම වන්දනාවට පාත්‍ර වෙන නැගෙනහිර ඉන්දියානු ක්‍රමයට අනුව සරල හෝම පුජාවක් කරන අකාරය ගැනයි.


පිළියෙල කිරීම 

හෝම කුන්ඩය දල්වන තැන වැලි ටිකක් අතුරා ගන්න. ඔයාලට ගල් සතරකින් හරි නැතිනම් පිත්තල වලින් නිර්මාණය කරපු හවන් කුණ්ඩ වෙළදපොලෙන් ගන්නත් පුලුවන්. එහෙම නැති අය ගල් සතරකින් කොටුවක් හැඩයට හදාගන්න පුලුවන්. හොඳින් දැල්වෙන දර ටිකක් අරගන්න අඹ නම් වඩා හොඳයි.

පූජා කිරීම සඳහා ගිතෙල් වෙනම ලෝහ බදුනක තබාගන්න.

පිරිසයක් මත තැබු හොදින් සහල් පිරිණු බදුනකට පුවක් ගෙඩියක් දමා ඒකට උඩින් කාසියක් තියන්න (මේකට කියන්නේ පූර්ණපාත්‍ර කියලා)

හෝමය කරන කෙනා හැර අනික් සියලුම බැතිමතුන් තම හිස ආවරණය කරගත යුතුයි.

හෝමයට සහභාගි වන සියලුම දෙනා නිර්මාංශ වී සිටිය යුතුයි.


හෝමයට අවශ්‍ය  කරන ද්‍රව්‍ය 

මල්
හදුන් කූරු
අරලු
බෙලි පත්‍ර
දුර්වා තණ
නොකැඩුන සහල්
කෙසෙල් ගෙඩියක්
යෝගට්
නෛවෙද්‍ය සඳහා කුඩාවට කැපු පළතුරු හෝ පැණිරස ආහාරයක්
තැටියක්
කෙන්ඩියක්






සංකල්ප 


මුලින්ම හැන්දට ජලය, මල්, දුර්වා තණ, සහල් සහ අරළු ගෙන එය දකුණු අතින් වහලා හෝමය කරන පහත ආකාරයට  අරමුණ කියන්න ඕනේ. එහෙම කියලා තැටියක් අරගෙන හැන්ද අනික් පැත්ත හරවන්න ඕනේ.


විශ්ණූරොම් තත් සත් (මාසය) (දිනය) (හෝරාව) දේවශර්මණ දේවි පූර්ණෝක්ත බිදිණ
බාර්ශික් (වාර්ශික නම්)/ මාසික් (මාසික නම්) ශ්‍රී දුර්ගා පූජා කර්මණිභුත් හෝමකර්මණි
ශ්‍රී ශ්‍රී දුර්ගා ප්‍රිතිකම අහම් කරිශ්යේ 


විෂ්ණු ස්මරණය 


තම දකුණු අතින් වතුරු උගුරු තුනක් ප්‍රාණය කරලා විෂ්ණු දෙවියන් සිහි කිරිමට වැදගෙන පහත මන්ත්‍රය කියන්න.

ඕම් විෂ්ණු - ඕම් විෂ්ණු - ඕම් විෂ්ණු
ඕම් තද් විෂ්ණෝ පරමම් පදම්
සදා පශ්‍යන්ති සූරය දිබි-ඉබ චශුරාතථම්
ඕම් අපභිත්‍ර පභිත්‍රෝ බ සර්බභස්තාන් ගතෝපිභ
ජාස්මරෙත් පුණ්ඩරිකාක්ෂම් ස බජ්‍ය-අභ්‍යන්තර සුචි
නමඃ සර්ව මංගල මංගල්‍යයම් වරයෙනම් බරදම් ශුභම්
නාරායනම් නමස්ක්‍රිත්‍ය සර්බකරමණි කරයෙත්
ඕම් විෂ්ණු, ඕම් විෂ්ණු, ඕම් විෂ්ණු

ඊලඟට මේ මන්ත්‍රය කියමින් හවන් කුන්ඩයෙන් වැලි ටිකක් හැන්දෙන් අරගෙන එලියට විසි කරන්න.


ප්‍රජාපත්‍රි ඍෂි අග්නීර් දේවතා උත්කර් නිරාශනේ විනියෝග  | ඕම් නිරස්ථ ප්‍රභශු || 


අග්නිය දැල්වීම 

පුරාණයේ නිවෙස් වල ප්‍රයෝජනය සඳහා ගින්දර නිරතුරුවම තිබුනා. කොහොම උනත් ඒ ගින්දර හෝමය සඳහා ගන්නකොට විශේෂ නමක් ලැබුනා. උදාහරණයක් විදිහට මංගල උත්සවයකදි යෝයක ලෙසත්, වෙනත් උත්සව වල ශෝභන ලෙසත්, හෝම වල භරද ලෙස පූජා වල බලද ලෙසත් හැදින්වුනා. දුර්ගා පුජාවේදි අග්නිය හැදින්වෙන්නේ බලද ලෙසින් එනම් ශක්තිය පිරිනමනවා කියන තේරුමයි. ඒ වගේම  බලද් යනු වෘෂභයා සහ ශක්තිය කියන තේරුමයි. එනම් මහිෂාසුර විනාශ කෙරු ශක්තියයි.

(පුජාව සිදු කරමින් පහත් මන්ත්‍ර කියන්න)

දැන් හදුන් කූරු තුනක් දල්වන්න.


ඕම් ප්‍රජාපත්‍රි ඍෂි අනුප්ස්ථූප චන්ද අග්නිර් දේවතා අග්නිසම්කාරේ බිනියෝග |
ක්‍රභ්‍යදම්-අග්නිම් ප්‍රහිනෝමි දුරම් යමරාජ්‍යම් ගචතු රිප්‍රභ ||



එය වාමාවර්තව එක් වරක් කරකවන්න

ඕම් ප්‍රජාපත්‍රි ඍෂි බ්‍රිහතිච්ඡන්ද ප්‍රජාපතීදේවතා අග්නි-ස්ථාපනේ විනියෝග
ඕම් භූර්භුබස්වරෝම් ||



දැන් අග්නිය දල්වන්න

ඕම් අග්නේ ත්වම් බලධනම්සී



දැන් මේ මන්ත්‍රය කියලා අග්නියට නමස්කාර කරන්න

ඕම් එහයිභයමිත්‍රෝ හාතභේද දේවබයෝ හබ්‍යම් බභුත ප්‍රජනන |
ඕම් සර්බථ පනිපදන්ත සර්බතෝහකි ශිරෝමුඛ |
විශ්වරූපෝ මහානග්නී ප්‍රනේථ සර්භකර්මශු ||


දැන් අග්නිය කෙරෙහි මනස යොමු කරමින් වැදගෙන මෙම මන්ත්‍රය කියන්න

ඕම් පිංගභෘෂ්ම කේශක්ශ පෙනංග ජතරෝහරුණ |
චගස්තම් සක්ශ සුත්‍රෝග්ණි සප්තර්චි ශක්තිද්‍රක ||


දැන් පහත රූප පරිදි පංචස්වාගත මුද්‍රා පෙන්වමින් අග්ණිය පිළිගන්න


ඕම් බලදනමග්නේ ඉහගඡ්ච ඉහගඡ්ච ඉහ තිෂ්ථ ඉහ තිෂ්ථ
ඉහ සන්නිදේහි ඉහ සන්නිරුද්‍යස්ව අත්‍රදිශ්ථනම් කුරු මම් පූජම් ගෘහණ ||








දැන් මෙම ද්‍රව්‍ය අග්නියට පූජා කිරීම සඳහා ඒ මතට ජලය ස්වල්පයක් ඉසින්න. (පැන්,සහල්,මල්, හදුන් කූරු, පහන, ආහාර, ජලය වීදුරුවක්)


ඕම් බලදනාමග්නේ නමඃ!
එතද් පාද්‍යම් එශ ආර්ග්‍යම් එතද් පුෂ්පම්, එශ ධූපම්,
ඒතද් දීපම්, එශ නෛවේද්‍යම්, පානීයජලම්
ඕම් බලදග්නේ නමඃ!


දැන් හැන්ද ගිතෙල් බදුනට දමා කලවම් කරමින් මෙම මන්ත්‍රය කියන්න

ප්‍රජාපතිඍෂීර්-ගයාත්‍රි-චන්ද්
අජ්‍යම් දේවතා අජ්යෝපභනේ භිනියෝග


දැන් ගිතෙල් ස්වල්පයක් අග්නියට දමන්න

ඕම් දේවස්ත්ව සභිතෝත්පුණත්වච්චිද්‍රේන පභිත්‍රේණ |
බසෝ සුර්ජ්‍යස්‍ය රශ්මිභි ස්වාහ ||



බ්‍රහ්මා ස්ථාපන 


හෝම කුන්ඩය අසල කුස තණ හෝ දුර්වා තණ ටිකක් අතුරා මේ මන්ත්‍රය කියන්න

ප්‍රජාපති ඍෂීර් අග්නීර්දේවතා ත්‍රිනනිරශනේ බිනියෝග | ඕම් නිරස්ථ ප්‍රභාශු ||


ඊට පස්සෙ පැන් කෙන්ඩියට මලක් යොදා ඒක අර තණ උඩින් තියන්න. (පැන් කෙන්ඩියෙන් අරුත් වෙන්නෙ බ්‍රහ්ම දෙවියන්වයි)



නවග්‍රහ පූජාව 

දැන් මෙම එක් එක් නවග්‍රහ මන්ත්‍රය 9ට එක ගිතෙල් හැන්ද බැගින් 9 වතාවක් දමමින් මෙම මන්ත්‍ර කියන්න.

ඕම් දේවෝ ජති භුබනානි පශ්‍යං ස්වාහ
ඕම් භව භජශ්‍ය සංගතේ ස්වාහ
ඕම් ආපම් රේතම්ශි ජිංවති ස්වාහ
ඕම් උශර්බුධ දෙබම් ස්වාහ
ඕම් ජයන්නස්මක් මධ්‍යබ්බේත රතනම් ස්වාහ
ඕම් පුශාන්නිහ රති රස්තු ස්වාහ
ඕම් සන්යෝර භුස්‍රබන්තුන ස්වාහ
ඕම් කාය සචිස්තය බ්‍රිත ස්වාහ
ඕම් සමුශර්වීර් ජයතා ස්වාහ


ඉන්පසුව එක් එක් මන්ත්‍රයට ගිතෙල් ස්වල්පය බැගින් අග්නියට දමමින් දස දිශාපාලකයන්ට නමස්කාර කරන්න

ඕම් ඉන්ද්‍රාය ස්වාහ
ඕම් අග්නේය ස්වාහ
ඕම් යමය ස්වාහ
ඕම් නෛරිතාය ස්වාහ
ඕම් භරුනාය ස්වාහ
ඕම් භයාබේ ස්වාහ
ඕම් කුබෙරාය ස්වාහ
ඕම් ඊශාණය ස්වාහ
ඕම් බ්‍රහ්මාන්යේ ස්වාහ
ඕම් අනන්තාය ස්වාහ


දැන් මෙම මන්ත්‍රය 28 වතාවක් මතුරමින් 28 වතාවක් ගිතෙල් අග්නියට පුද කරන්න.

ඕම් හ්‍රීම් ශ්‍රීම් ශ්‍රී ශ්‍රී දුර්ගා දේව්යේ නමහ |


දැන් බෙලි පත්‍ර තුනක් ගිතෙල් වලින් පොගවා අග්නියට පුද කරන්න.

ඕම් ජයන්ති මංගල කාලි බද්‍රකාලි කපාලිණි දුර්ගා ශිවා කශ්මා ධාත්‍රී
ස්වදා ස්වාහ නමෝස්ථුතේ ස්වාහ


මේ එක් එක් මන්ත්‍රය සඳහා ගිතෙල් ස්වල්පය බැගින් දමන්න.

නමහ ඕම් ශ්‍රී ගනේශාය ස්වාහ
නමහ ඕම් ශ්‍රී නාරායනාය ස්වාහ
නමහ ඕම් ශ්‍රී ලක්ශ්මියේ ස්වාහ
නමහ ඕම් ශ්‍රී දුර්ගාවෙයි ස්වාහ
නමහ ඕම් ශ්‍රී වස්තුදේවාය ස්වාහ
නමහ ඕම් ශ්‍රී ශිවායේ ස්වාහ
නමහ ඕම් ශ්‍රී ගංගාවේ ස්වාහ



ගයාත්‍රි නමස්කාරය කරමින් ගිතෙල් පුද කරන්න

ඕම් ප්‍රජාපත්‍රි ඍෂි ගයාත්‍රි චන්දයෝ අග්නිර්දේවතා ව්‍යස්ත සමස්ථ
මහභ්‍යරිති හෝමේ භිනියෝග |
ඕම් භු ස්වාහ ||
ඕම් භුබ ස්වාහ ||
ඕම් ස්වාහ ස්වාහ ||


හවන් කුන්ඩය වටා ජලය ස්වල්පයක් ඉසිමින් කියන්න

ප්‍රජාපත්‍රි ඍෂි අධිතිර් දේවතා උදකන්ජලි සේකේ විනීයෝග |
ඕම් අධිතේහනුමන්‍යස්ව ||


අග්නිය නිවා දැමීමට ප්‍රථමව එයට ම්‍රිරාග්නි නමින් තවත් අලුත් නමක් ලැබෙනවා. ම්‍රිර යනු මේ පෘතුවියට ජන්මය දුන් සාගරයයි.


මේ නව අග්නියද පෙර ආකාරයට පංචස්වාගත මුද්‍රා වලින් පිළිගන්න.

ඕම් ම්‍රිරනමාග්නේ එහ ගඡ්ච එහ ගඡ්ච එහ තිශ්ඨ එහ තිශ්ඨ එහ සන්නිදේහි
එහ සන්නිදේහි එහ සන්නිරුදස්ව අත්‍රදිශ්ඨම් කුරු මම්, පූජම් ග්‍රිහණ

එශ ගන්ද ම්‍රිරග්නේ නමහ, එතත් පුෂ්ඵම් ඕම් ම්‍රිරග්නේ නමාහ | එත ද්වීප ඕම්
ම්‍රිරග්නේ නමහ | එතත් හබිර් නෛවේද්‍යම් ඕම් ම්‍රිරග්නේ නමහ ||

අග්නි භිසර්ජන් 


දැන් පැන්කෙන්ඩිය රැගෙන අතපසු වීමක් සිදුවූයෙනම් සමාව අරගෙන අග්නිය වටා ඉසිමින් නිවා දමන්න

ඕම් බ්‍රහ්මණ ක්ෂමශ්‍ය


අග්නියේ ඇතිවූ තාපයට භූ දේවියගෙන් සමාව ගන්න.

ඕම් යග්‍යභර දහමත අග්නිදහන ප්‍රිති |
තත්මස්ත ධරේ දේවි පෘථිවි ශීතල භව ||


දැන් සෙමෙන් නිවි යන අග්නිය දුම රහිතව නිවාගැනීමට කලින් පිළියෙල කෙරූ පූර්ණපපාත්‍රයේ තිබෙන සහල්, පුවක් ගෙඩිය සහ කාසිය සමග කෙසෙල් ගෙඩියක් අග්නියට සෙමින් දමන්න. ඊට ප්‍රථමව තිලක තැබීමට අළු ටිකක් ගෙන එය ගිතෙල් ස්වල්පයක් දැමු අලුමේනියම් තැටියකට දමා මිශ්‍ර කරන්න. පූර්ණපාත්‍රය දැමු පසුව යෝගට් ටිකක් දමන්න.


ඕම් අග්නේ ත්වම් සමුද්‍රම් ගඡ්ච ||
ඕම් පෘථිවි ත්වම් ශීතලා භව ||


දැන් ගිතෙල් සමඟ මිශ්‍ර කරපු භෂ්ම තිලක බැතිමතුන් ගල්වනකොට මේ මන්ත්‍ර කියමින් ගල්වන්න


නළලට

ඕම් කශ්‍යපශ්‍ය ත්‍රයුශම් ||

බෙල්ලට

ඕම් ජමදාග්නේ ත්‍රයුශම් ||

උරහිස් වලට

ඕම් ජදේවනම් ත්‍රයුශම් ||

පපුවට

ඕම් තථේයස්තු ත්‍රයුශම්

හවන් පුජාව සමාප්තයි. 
Share:

මහා විශ්වය

මහා විශ්වයට  ආරම්භයක් හෝ අවසානයක් නොමැත. එය සෙවීමද නිෂ්ඵල ක්‍රියාවකි. වේද පුරාණයන්ට අනූකූලව මහා විශ්ව ගර්භය අණ්ඩයක්  (බිත්තරයක්) හැඩතිය. මහා විශ්වය තුළ සූර්‍යා ප්‍රමුඛ කොටගත් ගැණිය නොහැකි අනන්ත වූ උප විශ්වයන් ප්‍රමාණයක් ඇත. ඒ සියලු විශ්වයන් පවතින්නේ මහා විරාත් එනම් මහා විෂ්ණු හෙවත් මහා විශ්වයේ ශරීරයේ එක් එක් රෝම කූපයන් තුළයි. මහා විෂ්ණු ගේ ශරීරයේ අනන්ත වූ රෝම කූප ප්‍රමාණයක් ඇති අතර ඒ හා සමාන උප විශ්වයන් ප්‍රමාණයක් මහා විශ්වය පවති.

සෑම උප විශ්වයක්ම බ්‍රහ්ම ලෝකය සිට පාතාල ලෝක වෙත දිව යයි. භූලෝකය එනම් පෘථිවි තලයෙන් ඉහළ පවතින සූක්ෂම එනම් පියවි ඇසට නොපෙනෙන ලෝක වන අතර භූලෝකයට පහළින් පවතින ලෝක ඝණ ලෝක වේ. පෘථිවියට සමඟ පවතින්නේ භුවර්ලෝකය එනම් සූර්‍යා ඇතුලු අනෙකුත් ග්‍රහ මණ්ඩලයයි. ඉන්පසුව පවතින්නේ ස්වර්ග ලෝකයයි. අප වන්දනා කරන පෙර පුණය කර්ම කොට දේවත්වය ලැබූ දෙවි දේවතාවන් වාසය කරන්නේ ස්වර්ග ලෝකය තුළ ඒ ඒ දිව්‍ය තල වලයි. ස්වර්ග ලෝකය තුළ දෙවි දේවතාවුන් තිස්කෝටියක් පමණ වැඩ වසයි. ඉන්පසුව පවතින්නේ ශිව සහ පාර්වති මෑණියන්ගේ බාල පුත්‍රයන් වන ගණ දෙවිඳුන් තම ස්වාණන්ධ ගණපති නම් ස්වරූපයෙන් වැඩ වාසය කරන ස්වාණන්ධ ලෝකයයි. ඊට ඉහළින් පවතින්නෙ විවිද ධ්‍යාන ලබා ගත් මනුශ්‍යන් වාසය කරන මහර් ලෝකයයි.  සප්ත රිශි වරුන් වන වශිස්ථ, මරිචි, පුලස්ථ්‍ය, පුලහ, අත්‍රී, අංගීරස, ක්‍රතු වාසය කරන ඥාන ලෝකය ඊට ඉහළින් පවති. ඊට පසු  පවතින්නේ බ්‍රහ්ම ලෝක වාසින් වාසය කරන තපෝ ලෝකයයි. තපෝ ලෝකයට ඉහළින් සත්‍ය ලෝකය නොහොත් බ්‍රහ්ම ලෝකය පවති. බ්‍රහ්ම ලෝකයට ඉහළින් විෂ්ණු දෙවිඳුන්ගේ තලය වන වෛකුන්ත ලෝකයත්, විශ්වයේ ඉහළින්ම මහා දෙවිඳුන්ගේ වාසභූමිය වන කෛලාසය පවති. සෑම උප විශ්වයකම පිහිටිම මේ හා සමානය. සෑම උපවිශ්වයක්ම පංච මහා භූතයන්ගෙන් සෑදුනු තරලයකින් වටවී ඇත. සියලු උප විශ්ව පවතින්නේ මහා විෂ්ණු තුළයි මහා විෂ්නු වැඩ සිටින්නේ මහා විශ්ව අණ්ඩය (COSMIC  EGG) තුළයි. එයින් පිටත රික්තකයකි. එයින් ඉහළ පවතින්නේ කාලය සහ අවකාශය පරයන ආධ්‍යාත්මික ලෝකයි. එයින් පළමුව බ්‍රහ්මලෝකය වන අතර සෑම විශ්වයකම සිටින බ්‍රහ්මයන්ගේ මූලයයි. ඉන්පසුව මහා ශිව සහ දුර්ගා දේවිය වැඩවාසය කරන ශිව ලෝකය පිහිටා ඇත. දුර්ගා දේවිය අසුර සංහාරය සඳහා විවිධ අවස්ථාවන් වල උප විශ්වයන් තුළ ප්‍රකට වී ඇත. ඉන් ඉහළින් ඉහල පවතින්නේ විෂ්ණු ධාමයයි. විෂ්ණු දෙවිඳුන් තම පතිනියන් වන ලක්ෂ්මි සරස්වති සහ ගංගා දේවිය සමඟ එහි වාසය කරයි. සෑම උප විශ්වයකම සිටින විෂ්ණු දෙවිවරුන්ගේ මූලය එතුමාය. ඉන් ඉහළින් පවතින්නේ විශ්වයේ පියා වන පරම ශ්‍රී කෘෂ්ණ දෙවිඳුන් සහ රාධා දේවිය වාසය කරන ගෝලෝක ධාමයයි. විශ්ව නිර්මාණයට පෙර කෘෂ්ණ දෙවිදුන් බ්‍රහ්ම, විෂ්ණු, ශිව ප්‍රකට කර ඔවුන්ගේ ලෝක වෙත පිටත් කෙරු අතර රාධා දේවිය ලක්ශ්මි සරස්වති දේවීන් සහ එතුමියගේ කෝශයක් ලෙස මහා විශ්ව අණ්ඩයට ජන්මය ලබා දුන්නාය. එයින් උපන් මහා විෂ්ණු පුරුශයන්ගේ මව සහ පියා වන්නේ ශ්‍රී කෘෂ්ණ සහ රාධා දේවියයි. බ්‍රහ්ම විෂ්ණු සහ මහේශ්වරයන් තමගේ අංශූන් අනන්ත සංඛ්‍යාවකට වෙන් කොට සෑම උප විශ්වයකම ත්‍රීමූර්තිය ලෙසින් ජන්මය ලැබීය.  ශ්‍රී කෘෂ්ණ ඉච්ඡාවන් මගින් විශ්වයේ සියල්ල සිදු වේ. එතුමා සියල්ලන්ගේ, ගැලවුම්කරු සේම සියලු ආත්මයන්ගේ පරමාත්මයයි.

ගෝලෝකයට  ඉහළින් පවතින්නේ අත්භූත කිසිවෙකු නොදන්නා මානයක එනම් ශුණ්‍ය ලක්ශයේ පවතින්නේ සර්ව ලෝක මණිද්වීපයයි.  සියල්ලටම වඩා සර්ව උත්තරීතර මානය වන බැවින් එය සර්වලෝකය නම් වේ. සියල්ලෙහි මූලය මහා විශ්වයේ මව වන පරාශක්තියේ කේන්ද්‍රය මණිද්වීපයයි. ශ්‍රී ක්‍රිෂ්ණ හට ජන්මය ලබා දුන්නේ පරාශක්ති මාතාවයි.  සියල්ල ආරම්භ වූ කේන්ද්‍රය වන්නේ මණිද්වීපය හෙවත් දේවි ධාමයයි. එය තුල මෑණියන්ගේ සියලු ප්‍රතිරූප වැඩ වාසය කරයි. ඇයගේ ආරම්භය හෝ අවසානය කිසිවෙකු නොදනි. එතුමිය විශ්වයේ පවතින්නෙකු හෝ නොපවතින්නෙකු හෝ නොවේ. සියල්ල පවතින්නේ පරා ශක්තිය  මතයි. පංච මහාභුතයන් පාළනය කරන් විශ්ව ශක්තිය ලෙස හදුන්වනු ලබන්නේ එයයි. දේවී ලෝකය පිළිබඳව වැඩි විස්තර සඳහා මණිද්වීප වර්ණනා ලිපිය කියවන්න. පහළ දක්වා ඇත්තේ සම්පූර්ණ විශ්ව සැකැස්ම පිළිබඳව දළ සිතුවමකි.



Share:

මහා නවරාත්‍රී පූජාව

නවරාත්‍රී පූජාව




හින්දු දින දර්ශනයට අනුකූලව අශ්විනි මාසය එනම් සූර්‍යයා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ මහා ශරද නවරාත්‍රි උත්සවය පවත්වයි. එහිදු රාත්‍රි නවයක් පුරා දුර්ගා මෑණියන්ගේ නව ස්වරූපයන්ට පුජා සත්කාර කරනු ලබන අතර දුර්ගා දෙවඟන යනු ශක්තියේ ප්‍රතිරූපයකි.








ඝඨාස්තාපණය සහ ශෛලපුත්‍රී පූජාව 

ඝඨාස්තාපණය

තරමක් විශාල තැටියක් ගන්න (මැටි, තඹ හෝ පිත්තල) එය මැද කට තරමක් විශාල කලයක් තබන්න. ඉන්පසු තැටිය තුල කලය වටා පස් අතුරා එය මතින්  ධාන්‍ය වර්ගයක් අතුරන්න. එයට උඩින් නැවත පස් දමා තවත් ධාන්‍ය වර්ගයක් අතුරන්න. මේ අකාරයට පස් තට්ටු හතකට ධාන්‍ය වර්ග සතක් තට්ටු අකාරයට තැන්පත් කරන්න.  අවශ්‍ය නම් ජලය ස්වල්පයක්ද දමන්න. ඉන්පසු කලයයෙ කට වටා රතු නූලක් ඔතා පිරිසිදු ගංගා ජලය හෝ සත් වරක් පෙරා ගත් ජලය පුරවන්න. එයට කරාබුනැටි, සුවඳ කුඩු, නොකැඩුනු සහල්, දුර්වා තණ සහ දමා කලයේ කට වටා අඹ පත්‍ර 5ක් තබන්න. ඉන්පසු කලයේ කට උඩින් රතු රෙද්දක ඔතා ගත් පොල් ගෙඩියක් තබන්න. හැකිනම් කලයේ ස්වස්ථික ලකුණද ඇඳීමට පුළුවන.

ශෛලපුත්‍රී පූජාව 




සතී දේවිය සියදිවි තොර කර ගැනීමෙන් අනතුරුව ඇය නැවත වතාවක් පර්වත රජු ගේ දියණිය එනම් ශෛලපුත්‍රි ලෙසින් ජන්මය ලබන්නීය. ඇය වෘශාරුඩ දේවියයි. එමන්ම උමා, හිමාවති සහ පාර්වති ලෙසින් හඳුන්වන්නේද එතුමියයි.

ශෛලපුත්‍රි පූජාව සඳහා එතුමියගේම රූපයක් අවශ්‍ය නොවේ. මාතාවගේ කුමක් හෝ ශාන්ත ස්වරූපයක් ප්‍රමාණවත් වේ.  සාමන්‍ය අකාරයට ගිතෙල් හෝ පොල් තෙල් පහනක් සුවඳ දුම් පිච්ච මල් මාලයක් පළදවන්න. කැවිලි වර්ගයක්ද පූජා කරන්න.

ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - සඳු ග්‍රහයා 

මූල මන්ත්‍රය

ඕම් දේවි ශෛලපුත්‍රියේ නමඃ


ප්‍රාර්ථනා
වන්දේ වංචිතාලභය
චන්ද්‍රාර්ධාක්‍රිතශේඛරම් |
ව්‍රිශෘධම් ශූලධරම් ශෛලපුත්‍රිම් යශාෂ්විණිම් ||


ස්තෝත්‍ර
ප්‍රථමා දුර්ගා ත්වම්හී භවසාගර තරනිම් |
ධන ඓශ්වර්‍ය දායිණි ශෛලපුත්‍රි ප්‍රණමාම්‍යහම් ||
ත්‍රිලෝජනනි ත්වම්හී පරමානන්දා ප්‍රදියාමනම් |
සෞභාග්‍යාරෝගා දායිණි ශෛලපුත්‍රි
ප්‍රණමාම්‍යහම් ||
චරාචාරේශ්වරී ත්වම්හී මහාමෝහා විනාශිණිම් |
මුක්ති භුක්ති දායිණිම් ශෛලපුත්‍රි
ප්‍රණමාම්‍යහම් ||



බ්‍රහ්මචාරිණී පූජාව  



පාර්වති දේවිය ශිව දෙවියන් පැහැදවීම සඳහා වර්ෂ ගණනාවක තපසක් රකින්නීය. එතුමිය තම සියලු ලෞකික සැප සම්පත් වලින් මිදී බ්‍රහ්මචාරී ව දිවි ගෙවන්නීය. ඇය බ්‍රහ්මචාරිණි දේවියයි.



ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - කුජ ග්‍රහයා


මූල මන්ත්‍රය

ඕම් දේවි බ්‍රහ්මචාරින්‍ය නමඃ

ප්‍රාර්ථනා

දධන කර පද්මභ්‍යාමාක්ශමාලා කමණ්ඩලු |
දේවි ප්‍රසිධතු මායි බ්‍රහ්මචාරින්‍යනුත්ථම ||

ස්තෝත්‍ර

තපස්චාරිණි ත්වම්හීතපාත්‍රයා නිවරණිම් |
බ්‍රහ්මරූපාදර බ්‍රහ්මචාරිණි ප්‍රණමාම්‍යහම් ||
ශංඛරප්‍රිය ත්වම්හී භුක්ති මුක්ති දායිණි |
ශන්තිද ඥාණද බ්‍රහ්මචාරිණි ප්‍රණමාම්‍යහම්  ||








චන්ද්‍රඝණ්ඨා පූජාව 


චන්ද්‍රඝණ්ඨා දේවිය යනු පාර්වතී දේවිය ශිව දෙවිදුන්ගේ සුන්දරේශ්වර ස්වරූපය විවාහ කරගැනීමේදි දරා සිටි ස්වරූපයයි.  එතුමියගේ හිස චන්ද්‍ර දෙවිඳුන් වාසය කරන අතර ඇයගේ ඝණ්ඨා නාදයෙන් සියලු අසුර ශක්තීන් විනාශ වන්නේය.

ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - සිකුරු ග්‍රහයා

මූල මන්ත්‍රය 

ඕම් දේවි චන්ද්‍රඝණ්ඨාය නමඃ

ප්‍රාර්ථනා 

පිංධජ ප්‍රවරරුධ චන්දකෝපාස්ත්‍රකෛර්යුත |
ප්‍රසාධම් තනුතේ මායම් චන්ද්‍රඝණ්ඨේති විශෘත ||

ස්තෝත්‍ර 
අපධුදාරිණි ත්වම්හි ආද්‍ය ශක්තී
ශුභපරම් |
අනිමදි සිද්ධිදාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
චන්ද්‍රමුඛි ඉශ්ඨ ධාත්‍රි ඉශ්ඨම් මන්ත්‍ර ස්වරූපිණිම් |
ධණාදාත්‍රි ආනන්දධාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
නාණාරූපධාරිණි ඉච්ඡාමායි ඓශ්වර්‍යධායිණිම් |
සෞභාග්‍යයරෝග්‍යධායිණි චන්ද්‍රඝණ්ඨේ
ප්‍රණමාම්‍යහම් ||



කුශ්මාණ්ඩා පූජාව



විශ්ව නිර්මාණයේදි දේවිය සූර්‍යාගේ ශක්තිය ලෙසින් කුශ්මාණ්ඩා ස්වරූපයෙන් සූර්‍යාගේ කේන්ද්‍රීය ශක්තිය ලෙසින් වාසය කරන්නට වූවාය. සූර්‍යාගේ දාහක ශක්තිය වන්නේ එතුමිය යි. සූර්‍ය දේවියන් නමස්කාර කරද සූර්‍යා දෙවියන්ගේ ශක්තියද එතුමියමය.

ප්‍රියතම පුශ්පය  - රතු පැහැ පුශ්ප
පාළනය කරන ග්‍රහ දේවතාවා - හිරු ග්‍රහයා
මූල මන්ත්‍ර 

ඕම් දේවි කුශ්මාණ්ඩාය නමහඃ
ප්‍රාර්ථනා 

සුරසම්පූර්ණ කලාශම් රුධිරාප්ලුත්මේව ච |
දධන හස්ථපද්මභ්‍යම් කුශ්මාණ්ඩා ශුභදශ්තු මේ ||








ස්කන්ධ මාතා පූජාව 


ස්කන්ධ මාතා යනු ස්කන්ධ කුමරුන්ගේ මෑණියන්ය. සකන්ධ කුමරුන් යනු ගණ දෙවිඳුන්ගේ වැඩිමහල් සොහොයුරා වේ. පාර්වති දේවියට ස්කන්ධ කුමරුන් ලැබුණු පසු එතුමිය ස්කන්ධ මාතා නමින් හැදින්විණි.


පාළනය කරන ග්‍රහ දේවතාවා - බුධ ග්‍රහයා 
ප්‍රියතම පුෂ්ප - රතු පැහැති පුෂ්ප 
මූල මන්ත්‍රය 

ඕම් ස්කන්ධ මාතායේ නමහඃ
ප්‍රාර්ථනා 

සිංහාසනගත නිත්‍යම් පද්මාංචිත කරද්වය |
ශුභාදස්තු සදා දේවි ස්කන්ධමාතා යසශ්විණි ||






කාත්‍යායනි පූජාව 




මහීශාසුර නම් අසුරයා විනාශ කිරිම සඳහා පාර්වති දේවිය සාග කාත්‍යායන නිවසේ කාත්‍යායනි ලෙසින් ජන්මය ලැබීය. එමෙන්ම ගෝකුල වාසි ගෝපි ලඳුන් කෘශ්ණ දෙවිඳුන්ගේ ආකර්ශනය ලබා ගැනීම සඳහා කාත්‍යායනි දේවිය උදේසා පූජා පැවැත්වූ වග සඳහන් වේ.

පාළනය කරන ග්‍රහ දේවතාවා - ගුරු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්ප - රෝස පුෂ්පය 
මූල මන්ත්‍රය

ඕම් දේවි කාත්‍යායනායේ නමඃ

ගයාත්‍රි මන්ත්‍ර

ඕම් කාත්‍යායනායේ විද්මහේ
කන්‍යකුමාරි දීමහි
තන්නො දුර්ගේ ප්‍රචෝදයාත්

ඕම් මහා දේවියේච විද්මහේ
කාත්‍ය පුත්‍රීච දීමහී
තන්නෝ කාත්‍යායනි ප්‍රචෝදයාත්



කාලරාත්‍රී පූජාව 




දුර්ගමාසුර සහ දුර්ගා මාතාව අතර සංග්‍රාමයට පෙර දුර්ගා දේවිය දූතයා ලෙසින් දුර්ගමාසුර වෙත යවන ලද්දේ කාලරාත්‍රී දේවියයි.

පාළනය කරන ග්‍රහ දේවතාවා - සෙනසුරු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය 

මූල මන්ත්‍රය

ඕම් දේවි කාලරාත්‍රියේ නමහඃ

ප්‍රාර්ථනා

ඒකවානි ජපකර්ණරූපා නග්න කාරස්ථිතා |
ලම්බෝශථ්ති කර්නිකාකර්ණි තෛලභ්‍යක්ත ශරීරිණි ||
වාමාපාදෝලසල්ලෝහා ලතාකාන්තකභූශණා |
වර්ධන මුර්ධද්වජ කෘශ්ණ
කාලරාත්‍රිභයන්කරි ||



මහාගෞරි පූජාව 



ශෛලපුත්‍රි එනම් පාර්වති දේවිය ශිව දෙවිඳුන් විවාහ කරගැනීමෙන් අනතුරුව මහා ගෞරි ලෙසින් හැඳෙන් වෙන්නීය.

පාළනය කරන ග්‍රහ දේවතාවා - රාහු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය 

මූල මන්ත්‍රය

ඕම් දේවි මහාගෞරියේ නමහඃ

ප්‍රාර්ථනා

ශ්වේතේ විශේෂමෘද ශ්වේතාම්භරාධර ශුචිහිඃ |

මහාගෞරි ශුභම් දධ්‍යාන්මහාදේව ප්‍රමෝධද ||




සිද්ධිදාත්‍රී පූජාව 





විශ්වාරම්භයේදි ශිව දෙවිඳුන් විසින් ආදි ශක්ති දේවිය උදෙසා කළ තපස කෙරෙහි එතුමිය ප්‍රශාංසා වී සිද්ධිදාත්‍රි ස්වරූපයෙන් ශිව දෙවිඳුන් හට සර්ව සිද්ධින් ලබා දී එතුමාගේ වම්  භාහුව ලෙසින් අර්ධනාරිශ්වරි ස්වරූපයෙන් ප්‍රකට වූවාය.

පාළනය කරන ග්‍රහ දේවතාවා - කේතු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය 

මූල මන්ත්‍රය
ඕම් දේවි සිද්ධිදාත්‍රියේ නමහඃ

ප්‍රාර්ථනා

සිද්ධ ගණ්ධර්ව යක්ශධෛරාසුරෛරාමරෛරාපි
සේව්‍යමාන සදා භූයත් සිද්ධිදා සිද්ධිදායිනි




විජයදශමි, දුශේරා සහ දුර්ගා විසර්ජන 


මෙදිනට අංග සම්පූර්ණ මහා දුර්ගා පුජාව පැවැත්විය හැකිය. දුර්ගා මෑණියන් සමඟ ලක්ශ්මි සරස්වති ගණපති සහ ස්කන්ධ කුමරුන්ද වන්දනා කළ හැකිය. එමෙන්ම දුර්ගා දේවිය මහීෂ නම් අසුරයා පරාජයේ කිරිමද, දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් රාම කුමරුන් රාවණ රජු පරාජය කිරිමද මෙදින සමරණු ලබයි.





















Share:

ශ්‍රී ලලිතා පංචරත්නම් ස්තෝත්‍රය


ඔයාලා හැමෝම දන්නවාද පංචරත්නම් ස්තෝත්‍රය කියන්නේ මොකක්ද කියලා? ඔව් පංචරත්නම් ස්තෝත්‍රය කියන්නේ මැණික් පහ ස්තෝත්‍රය.
මේකට මැණික් පහ ස්තෝත්‍රය කියන්නේ මෙකේ ශ්ලෝක පහක් තිබෙනවා ඒ එක් ගාතාවක් මැණිකකටත් වඩා වටින නිසයි මේ ස්තෝත්‍රය "මැණික් 5 " ලෙස නම් ලැබී ඇත්තේ.
ආදි ශංකරාචාර්ය ඉතා සුප්රකට ගනේශා පංචරත්නම් වගේම ලලිතා මෑණියන් උදේසාත් මැණික් පහ ස්තෝත්‍රයක් රචනා කරා.
මේක ලලිතා මෑණියන්ගේ ඉතා බලගතු ස්තෝත්‍රයක් ‍‍වගේම බැතිමතුන් මේක ගායනා කරද්දි පරාශක්ති මෑණියන්ගේ මුවට කෝමල සිනහාවක් එනවා



ප්‍රාතස්මරාමි ලලිතා වදනාරවිණ්ධම්,
බිම්භාදරම් ප්‍රදූල මෞක්තික ශෝභී නාසම්,
ආකර්න දීර්ඝ නයණම් මණි කුන්ඩලද්‍යම්,
මන්දස්මිථම් මෘග මදෝජ්වල ඵල දේශම්.

ප්‍රතාර්භජාමි ලලිතා භුජ කල්ප වල්ලිම්,
රත්නංගුලීය ලසතංගුලි පල්ලවධ්‍යම්,
මාණික්‍ය හේම වලයාංගධ ශෝභ මානාම්,
පුන්ද්‍රෙශු චාප කුසුමේශු ශෘනීන් දධානාම්”.

ප්‍රාතනමාමි ලලිතා චරනාරවින්ධම්,
භක්තේශ්ඨ ධාන නිරාතම් භව සින්ධු පෝථම්,
ද්මාසනාධි සුර නායක පූජනීයම්,
පද්මාංගුෂ ද්වජ සුධර්ශන ලංචනාධ්‍යම්.

ප්‍රාතස්තුථාවී පරාශිවාම් ලලිතාම් භවානීම්,
ත්‍රයන්හා වේධ්‍ය විභවම් කරුනණාන් වධ්‍යාම් ,
විශ්වස්‍ය සෘශ්ඨි විලය ස්ථිති හේතු භූතාම්,
විශ්වෙශ්වරීම් නිගමා වං මනසාති දූරාම්.

ප්‍රාතවධාමි ලලිතේ තව පුණ්‍ය නම,
කාමෙෂ්වරීති, කමලේති මහේෂ්වරීති,
ශ්‍රී ශාම්භවීති ජගතාම් ජනනී පරේති,
වාග් දේව තේථි වචසා ත්‍රිපුරෙශ්වරීති.

යා ශ්ලෝක පංචකම් ඉධම්, ලලිතාම්භික්‍යා,
සෞභාග්‍යම්, සුලලිතම් පටති ප්‍රභාතේ,
තස්මයි ධදාති ලලිතා ජධිති ප්‍රසන්න,
විධ්‍යාම් ශ්‍රියම් විමල සෞඛ මනන්ත කීර්තිම්.

Share:
Powered by Blogger.

Top Menu

About

LightBlog