ශ්‍රී කාලිකා තාණ්ඩව ස්තෝත්‍රය

ශ්‍රී කාලිකා තාණ්ඩව ස්තෝත්‍රම්


🌺🌺🌺
වර්තමානයේ තාණ්ඩව යනු නර්තනය ලෙසින් සාවධ්‍ය අර්ථකතනයක් ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් තාණ්ඩව යනු නර්තනය නොවේ. ශිව සහ ශක්තියේ දිව්‍යමය නෘත්‍ය හඳුන්වන්නා වූ නාමයයි.
තාණ්ඩ නර්ථනයෙන් සංකේතවත් වන්නේ විශ්වය පවතින්නා වූ කර්ම චක්රයයි.
තාන්ඩව නර්ථනයේ ප්‍රධාන විද්‍යාමාන වීම් 5කි, එනම්,
1) ස්‍රිශ්ඨි - නිර්මාණය, පරිණාමය
2)ස්ථිති - සංරක්ෂණය, ආධාරය
3)සංහාර - විනාශය, පරිණාමය
4)තිරොධන - මායාව
5)අනුග්‍රහ - මුක්තිය, මිදීම, ප්රසාදය
යන්නයි.
ධර්ම ග්‍රන්ථයන්ට අනූකූලව ප්‍රධාන තාණ්ඩව වර්ග 7කි එනම් ආනන්ද තාණ්ඩව, රුද්‍ර තාණ්ඩව, ත්‍රිපුර තාණ්ඩව, සන්ධ්‍යා තාණ්ඩව, සංහාර තාණ්ඩව, කාලිකා තාණ්ඩව සහ ගෞරි තාණ්ඩවයි. සියල්ල ඇරඹීමට පෙර ශ්‍රී මහාකාලි දේවිය දිව්‍යමය තාණ්ඩවයේ යෙදිමේ අරුත වන්නේ කාල චක්‍රයේ සමඟින් සියල්ලෙහි ක්‍රියාකාරිත්වය ආරම්භ වන වගයි.

හුං හුං කාරේ ශවාරූඩේ
නීල නීරජ ලෝචනේ
ත්රෛලෝක්යෙයික මුඛේ දේවි
කාලිකායේ නමෝස්තුතේ

🌹"හුම්" කාරයෙන් ගුගුරවන්නා වූද, ශව වූ ශිව මත වැඩවසන්නා වූද, පද්මයක් මෙන් ත්‍රිලෝකයම එකාලෝක කරන්නා වූ නේත්‍රා සහිත කාලිකා දේවියට නමස්කාර වේවා !

ප්‍රත්‍යා ලීද පධේ ඝෝරේ
මුණ්ඩමාලා ප්රලම්භිතේ
සර්වේ ලම්භෝධරේ භීමෙ
කාලිකායෙයි නමෝස්තුතේ

🌹ඉතා භයංකර වූද, මුණ්ඩමාලයක්(හිස් කබල්) දරා සිටින්නා වූද, ශිව ගේ පතිනිය වන්නා වූද, භියජනක ගැබක් සහිත කාලිකා දේවියට නමස්කාර වේවා !
නව යෞවන සම්පන්නේ
ගජ කුම්බෝප මස්තනී
වාගේශ්වරි ශිවේ ශාන්තේ
කාලිකායෙයි නමෝස්තුතේ

🌹නව යෞවනයේ පසු වන්නා වූද, හස්ථියෙකුගේ ලලාටය මෙන් පයෝධර සහිත වූද, සුභාෂිත වන්නා වූ කාලිකා දේවියට නමස්කාර වේවා!
ලෝල ජිව්හේ හරා ලෝකෙ 
නේත්ර ත්රය විභූෂිතේ
ඝෝර හාස්වද් කරේ දේවි
කාලිකායෙයි නමෝස්තුතේ

🌹ඉතා දිගු ජිව්හයක්(දිවක්) සහිත වූද, බිහිසුනු සිනහවක් සමඟින් ත්රීනේත්රයෙන් ශිව දෙස බලා සිටින්නා වූ කාලිකා දේවියට නමස්කාර වේවා!

ව්‍යාග්‍ර චර්මම් භර ධරේ
කඩගකා ත්රිකරේ ධරේ
කපාලේන්දී වරේ වාමේ
කාලිකායෙයි නමෝස්තුතේ

🌹ව්යාග්ර සමක් දරා සිටින්නා වූ, දෑතෙහි කඩගයක්, හිස් කබලක්, වම් අතෙහි පද්මයක් දරා සිටින්නා වූ කාලිකා දේවියට නමස්කාර වේවා!

නීලෝත්පල ජටා වාරේ
සින්ධුරේන්දු මුඛෝධරේ
සූරද් වක්ත්රෝෂ්ට ධෂනේ
කාලිකායෙයි නමෝස්තුතේ

🌹 නීල වර්ණ පද්‍මයන්ගෙන් ගෙත්තම් කළා වැනි කෙස් කළඹක් සහිත වූද, රප්ත චන්ද්රයා මෙන් කාන්තිමත් වූ මුවක් ඇත්තා වූද, දිදුළන ලවනතයන් සහ දසන් සහිත වූ කාලිකා දේවියට නමස්කාර වේවා!

ප්‍රලයානල ධුම්රාවේ
චන්ද්‍ර සූර්යාග්නි ලෝචනේ
ශෛල වාසේ ශුභේ මාතහ
කාලිකායෙයි නමෝස්තුතේ

🌹විනාශයේ අග්නිය හා සමාන වන්නා වූ, ත්රීනේත්රයන් ගෙන් හිරු, සඳු සහ අග්නිය පිලිඹිබූ කරන්නා වූද, කඳුකරයේ වාසය කරන්නා වූ කාලිකා දේවියට නමස්කාර වේවා!

බ්රහ්ම ශම්භූ නෞධෙජා
ශභා මධ්ය ප්රශන්ස්තිතේ
ප්රේතකෝටී සමායුක්තේ
කාලිකායෙයි නමෝස්තුතේ

🌹 ත්‍රීමූර්තියේ සභා මධ්‍යයේ වාසයේ කරන්නා වූද (ත්‍රීමූර්තියේ ශක්තිය වන්නා වූ), භූතයන් පිරිවරා සිටින්නා වූ කාලිකා දේවියට නමස්කාර වේවා!
ක්‍රිපාමයි හරේ මාතහ
සර්වශා පරිපූරිතේ
වරදේ භෝගදේ මෝක්ෂේ
කාලිකායෙයි නමෝස්තුතේ //

🌹 සර්ව කාර්යන් සඵල කරන්නා වූද, මෝක්ෂය ප්‍රධානය කරන්නා වූ කාලිකා දේවියට නමස්කාර වේවා!
මෙම තාණ්ඩව ස්තෝත්‍රය දිනපතා ගායනා කිරීමෙන්, මහාකාලි දේවියගේ ආශිර්වාදය සහ දර්ශණය ලබා ගැනීමටද, සර්ව සිද්ධින් ලබා ගැනීමටද බොහෝ උපකාරි වේ.
Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog