කාලි


දසමහ විද්‍යා ශක්තීන්ගෙන් ප්‍රථම විද්‍යාවයි. තාන්ත්‍රික ශෛවන දහමේ එන ප්‍රධාන දේවතාවියකි. ඇය ආදි පරා ශක්තිය හෙවත් විශ්ව මාතාවගේ ප්‍රධානම ස්වරූපය ලෙස වන්දනාවට පාත්‍ර වන අතර ඇය පූර්ණ පරබ්‍රහ්මන් ලෙසින් ඇතැම් හින්දු බැතිමතුන් වන්දනාමාන කරයි.
කාලි යනු කාලම් යන්නෙහි ස්ත්‍රී ලිංගයයි. එමෙන්ම කාල් හෙවත් කාලය යන්නෙ පූර්ණවත්වය කාලි නම් වේ. එමෙන්ම කාල පරිච්ජේදයක අවසානය එනම් මරණයද පිළිඹිබු වේ. එතුමිය සහාකාර (අකාරයක් සහිත වූ) සහ නිරාකාර(අකාරයක් රහිත වූ) යන ද්විත්වයෙන්ම පිළිබිඹු කරන අතර නිරාකාර තත්වය ආද්‍යා කාලි හෙවත් පූර්ණ නිර්ගුණ බ්‍රහ්මන් ලෙසින්ද හදුන්වයි.
🌷අංග ලක්ශණ🌷
කාලි දේවියගේ විවිධාකාර ස්වරූප ඇති අතර වඩාත් ප්‍රචලිත වන්නේ අත් සතරක් ඇති ස්වරූපය යි. කාලි දේවියගේ කුමන ස්වරූපයකට වුවද නිරූපණය වන්නේ කාල වර්ණය පැහැයකි. නමුත් බොහෝ සිතුවම් වල දී ඇයව නිල් පැහැයෙන් සිතුවම් කරයි. ඇයගේ ප්‍රකටතම ස්වරූපයෙදී අත් සතරකින් යුක්ත වන අතර එම බාහුන් සතරෙහි අසිපතක්, ත්රිශුලයක් මිනිස් හිසක් සහ ලේ බඳුනක් දරා සිටි. ඇයගේ අසිපතනේ දිවීමේ ඥානය පෙන්නුම් කරන අතර මිනිස් හිසෙන් අහංකාරය පිළිබිඹු කරයි. අසිපත සමගින් මිනිස් හිසක් පෙන්නුම් කරන්නේ දිව්යමය ඥානමගින් අහංකාරය දෙපලු කොට මෝක්ශය ලබා දෙන බවයි. ත්රිශුලයෙන් අධර්මයන් විනාශ කොට ධර්මය ස්ථාපනය කිරීමත් අභය මුද්රාවෙන් භක්තිකයන්ට ආශිර්වාදය ප්රදානය කරන බවත් සංකේතවත් වේ.
එතුමියගේ ගෙලෙහි හිස් කබල් මාලයක් පැළඳ සිටින අතර එහි හිස් කබල් එකසිය අටක් හෝ පනස් එකකින් යුක්තය. 108න් සංකේත්වත් වන්නේ සියලු මන්ත්රයන් ජප කළ යුතු දිව්යමය ප්රමාණයයි. 51 සංකේත්වත් වන්නේ සංස්කෘතික හෝඩියෙහි අක්ශර ප්‍රමාණයයි. හින්දූන්ගේ විශ්වාසයට අනුකූලව දේවනගරි සෑම අක්ශරයක්ම ශක්ති අංශුවක් බවත් එබැවින් කාලි දෙවඟන භාෂිතයේ සහ සියලු මන්ත්රයන්ගේ මාතාව ලෙසයි.
බොහෝ විට ඇය නිරුවතින් පිළිබිඹු කරන අතර එයට හේතුව වන්නේ ඇය මායාව නම් වැස්මෙන් තොර පාරිශුද්ධ (නිර්ගුණ) කාලය සහ අවකාශය පරයන තත්වයක් බවයි. ඇයගේ අඳුරු වර්ණයෙන් පිළිබිඹු කරන්නේ ඇය කිසිඳු ගුණයකින් තොර වූ පරම්බ්රහ්මන් බවයි. එතුමිය තුළ කිසිදු ගුණයක් නොමැත. විශ්වය ආරම්භයේ සිට විශ්වය අවසන් වූ පසුත් ශේශ වන්නේ ඇයම පමණි. එනම් ශුණ්යත්වය අවර්ණයයි.
ඇගේ දෙපතුල යට සිටින්නේ මැරුණු(ශක්තී හීන/ශව්ය) වූ ශිවය. එයින් අර්ථවත් වන්මෙ කාලය මරණයේ පාළිකාව ඇය මෙන්ම පුරුශාර්තයද ස්ත්රීත්වයද් ඇයම බවයි. විශ්වීය ප්රලයෙන් පසු ඇය පරම ශිවගේ ශක්තිය උරා ගන්නා අතර, ඇයම පමණක් ඉතිරි වේ. එමෙන්ම ඇයගේ පාද ස්පර්ශයෙන් ශාන්ත සිටින ශිව දෙවිඳුන් ගෙන් පෙන්නුම් කරන තවත් කාරණයක් නම් ඇයගේ පහසින් භක්තිකයන් සදා ශාන්තව කල් ගෙවන බවයි.
කාලි දේවියගේ දිගු දිවෙන් රාජසික ගුණ (අහංකාරය) පිළිඹිබු කරන අතර එය ශ්වේත වර්ණ දත් පෙළ තුලින් ඉදිරියට පැමිණ ඇත එනම් විශ්වය නිර්මාණය වන්නෙ ඇය තුලින් ප්රකට වන අහංකාරය මත බවයි.
🌷ස්වරූපයන්🌷
මහාකාලි
මහාකාලි එනම් විශිෂ්ඨ කාලි යනු සියලු කාලි ස්වරූපයන්ගේ තේජාන්විතම ස්වරූපය යි. ඇයගේ ස්වරූපයෙහි හිස් 10 බාහුන් 10ක් පවතින අතර ඇය තුලින් සියලු දෙවියන්ගේ ශක්තිය පිළිබිඹු වේ. එමෙන්ම ඇයව දසමුඛ කාලි ලෙසින්ද හැදින්වේ.ඇය පූර්ණ පරම්බ්රහ්මන් අවස්ථාවයි.
දක්ශිණ කාලි
නැගෙනහිර ඉන්දියාවේ කාලි වන්දනයේ දී ඉතා ප්රචලිත ස්වරූපයකි. දක්ෂිණා යනු පූජාවක දී ගුරුවරයා හට ලබා දෙන්නා වූ තුටු පඬුරයි දක්ශිණා ලබා දෙන්නෙ දකුණතිනි. එමෙන්ම ශිව දෙවිඳුන් ගේ ලය මත දකුණු පාදය තබා ඇති හෙයින් ද ඇය දක්ෂිණ කාලි ලෙස හැඳින්වේ. ඇයට බාහුන් සතරක් ඇති අතර අසිපතක්, හිසක් අභය සහ වරද මුද්රා පිලිඹිබු කරයි.
ශම්ශාන කාලි
මහාකාල සම්හිතා ව අනුව ශම්සාන කාලි දෙවියට භාහූන් ද්විත්වයක් ඇති අතර ඇය තනි කලු පැහැතිය. ඇය බඳුනක් සහ මාංශයන් දරා සිටි. නිවසේ වන්දනාවට සුදුසු නොවන තන්ත්ර විද්යාව තුළ වන්දනාවට පාත්ර වන ස්වරූපයකි.
වාමකාලි
නිවැසියන් වැඩි වශයෙන් වන්දනා නොකරන ස්වරූපයක් වන අතර මෙයින් කාලි දේවියගේ උග්ර වියරුව පිලිඹිබු කෙරේ. බොහො අසුරයන් විනාශ කිරීමෙන් පසු ඇයට බිය වන ශිවයන් ඇය විශ්වයම විනාශ කරන තාක් ඇයව නොනවත්වයි.
බද්‍ර කාලි
බද්ර කාලි හෙවත් ශාන්ත ස්වරූපයේ කාලි දේවියයි ඇය විසින් තාණ්ඩව නරථනයේ යෙදෙමින් විශ්වීය ප්‍රලය(විනාශය) සිදු කරන අතර නමුත් ඇයගේ දිව පිටතට නොපැමිණීමෙන් ඇයගේ ශාන්ත බව පෙන්නුම් කරයි.
🌷 කාලි දේවියගේ යථාර්තය 🌷
කාලි යනු කාලයේ ශක්තිය යි. සියල්ල ඇරඹීමට පෙර හිරු සඳු ග්රහයන් හෝ කිසිදු තාරකාවක් නොවීය. අන්ධකාරයෙන් පමණ පැවතිණි සියල්ල ඇරඹුණේ එම අන්ධකාරය තුළිනි. කාලි දෙවඟගෙ නිල් පැහැයට හුරු කාලවර්ණයෙන් පිළිබිඹු වන්නේ සියල්ලට ම ප්රභවය වූ එම අන්ධකාරයයි. ඇයගේ ශරීරය පූර්ණව කලු පැහැ නොවන්නෙය. නිල් පැහැයට හුරු කාල වර්ණයයි. එයින් පිළිබිඹු වන්නේ ඇය ශුන්යත්වය පමණක් නොව, සංරක්ෂණයේද ප්රභවය බවයි. ඇය ගේ දිගු කඩාහැලෙන නිදහස් කෙස් කළඹින් පිළිබිඹු වන්නේ සියලු ජාතීන්ගේ නිදහසයි.ඇගේ තෙවන ඇසින් නිරූපණය වන්නේ හිරු සඳු සහ අග්නි යන දිව්යමය ශක්ති ප්රබවයන් ය.
🌷තාන්ත්රික බුදු ධහම තුල කාලි දේවිය🌷
තාන්ත්රික බුදු දහමේ එන යෝගිනියන් අතරින් වජ්රයෝගිනිය. කාලි දෙවියගෙ ස්වරූපය හා සමාන ලෙසින් දක්වයි
සෑම විටම පෙනෙන දේ නොම වේ සත්‍ය. පිටතින් අංග ලක්ෂණ බලා නිර්ණය කරන්නෙකුට කාලි දේවිය යක්ෂණියක මෙන් පෙනීම සාමාන්යය. නමුත් අපට පෙනෙන දේ නොවේ සෑම විටම සත්‍ය වන්නේ. ඇතැම් අවස්ථාවල පිටතින් පෙනෙන්නේ එක දෙයක් වූවද ඇතුලතින් වෙනත් ගැඹුරු අර්ථයක් පවති. ලාංකීය සමාජය තුල පවතින වැරදි දෘෂ්ටින් බිඳ හෙලීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.
Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog