දේවි ගිතා - 01



පාර්වති ලෙසින් හිමාලයේ දියණිය වි ඉපදීම 

නාරායන විසින් සතී දේවියගේ සිරුර විනාශ කිරිමෙන් අනතුරුව ශිව දෙවිඳුන් එම කොටස් එක් කර ශක්ති පීත නිර්මාණය කර දීර්ඝ සමාදියක නිරත වීම හේතුවෙන් ත්‍රිමූර්තියේ කටයුතු අඩාල වූ අතර තාරකාසුර ද තම බලය තව තවත් වඩවා ගත්තේය. මෙය හේතු කොට ගෙන සියලුම දේව ගණයා අතුරින් ඇතැමුන් මහාමායාව වෙනුවෙන් යොග වැඩීම්ත්,ඇතැමුන් ආග හෝම කිරිමත්,මන්ත්‍ර මැතීරීමත් සිදු කළහ, අවසානයේ මහා ශක්තිය දර්ශනය විය. එය විශාල ආලෝක කදම්බයකි. එහී අලෝකය සූර්‍යන් දහසක් මෙන් බබළන්නට විය. එහි සිසිලස චන්ද්‍රයන් දහසක් මෙන් විය. චතුර් වේදය සහ සූසැට විද්‍යාව එම ශක්තිය වටා බ්‍රමණය වන්නට විය. එම ආලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් සොයා ගැනීමට නොහැකි විය. පසුව එය ක්‍රම ක්‍රමයෙන් ඉතා මනරම් වූ දේවියකගේ ස්වරූපයට පත් වන්නට විය. ලොව සිටින්නා වූ මනරම්ම ස්ත්‍රිය ඔවුන්ට දර්ශනය විය. එතුමියගේ තරුණ බාවය දැන් ඇති වුවාක් මෙන් විය. නෙළුම් මල් වැනි පියයුරුද, එයට උඩින් දිදුළන කරමාලයද,කිංකිණි නද දෙන පා සළබද,  රතු නෙළුමක් වැනි නෙත්‍රාද, මුතුවන් දත් දෙපළ ද එතුමියට මනරම් පෙනුමක් ගෙන දෙයි.

එතුමියට අත් සතරක් විය. අත් දෙකක හෙල්ලයක් සහ තොන්ඩුවක් අනෙක් අත් දෙකෙහි ආශිර්වාද මුද්‍රාවෙන් භක්තිකයන්ට වරයන් සහ මුක්තිය ප්‍රදානය කිරීමට සැදි පැහැදි සිටි. ඇය භූමියට ඊශ්වරියයි එනම් භුවනේශ්වරියයි.


එතුමිය විශ්ව මාතාවයි එතුමියගේ සිනහවෙන් විශ්වයම පිළිබිඹු වේ. එතුමිය ගේ රුවට සමාන කල හැකි රුවක් සමස්ථ විශ්වයේ නොවේ. දේව සමූහයා බොහෝ වෙලාවක් නිරුත්තර වී මේ මනස්කාන්ත වූ දර්ශනය දෙස බලාසිටින්නට විය.

මද වෙලාවකින් දේව සමූහයා මෙසේ පැවසිය. අප විශ්ව මතාවට අචාර කරන්නෙමු, මහා දේවියට අචාර කරන්නෙමු, මහා මායාවට අචාර කරන්නෙමු. අහෝ මෑණියනි ඔබයි යෝගීන්ගේ හදවත, ඔබයි තුන් ලෝකයේ ආලෝකය, අප දුර්ගා දේවියට නමස්කාර කරමු. සංසාර කතරින් අපව එතෙර කිරීමට සහය වන්න. එතුමාගෙ විශ්වරූපයෙ අර්ථය ඔබයි. ඔබ බෞතික ලෝකයට සියල්ල ලබා දෙන්නා වූ කාම දේනුවයි, දේව ගණයාට වරයන් ප්‍රධානය කරන්නා වූත් විශ්වය ආරම්භ කරන්නා වූත් බ්‍රහ්මයාගේත් වන්දනයට පාත්‍ර වන පරමේශ්වරයන්ගේ ලක්ශ්මිය වූ ශිවගෙ ශක්තිය වූ බ්‍රහ්මයා ගේ සරස්වතිය වූ මාතාවට අප නමස්කාර කරමු. 

සියලු දෙවියන්ගේ මාතාව වන, දක්ශ මැදුරේ දක්ශායිනි වන සියලු පව් සෝදා තුන් ලෝකයටම ශාන්තිය ලබා දෙන්නා වූ මාතාවට අප නමස්කාර කරමු. මහා ලක්ශ්මියනී ඔබ තුමිය වෙනුවෙන් අප යෝග වඩන්නෙමු.ඔබයි විශ්වයේ මහා විශ්වරූපය.අප නමස්කාර කරමු විශ්වයේ මහා බුද්ධියට, පංච කෝෂයන්ට (අහාර,ශක්තිය,මතකය,ප්‍රඥාව,ප්‍රීතිය) අධිපති වන්නා වූ විශ්වයේ දිව්‍ය ස්වරය වූ ඕම් කාරයට අධිපති වන්නා වූ හ්රීම් කාරයේ වාසය කරන්නා වූ මෑණියනි අප ඔබගේ පාද පද්මයට නැවත නමස්කාර කරමු.

ඉන්පසු දේවිය තම දිව්‍ය ස්වරයෙන් දෙවියන් අමතයි.

දේව ගණය ඔබ කුමක් සඳහා ද මා අවාහනය කරනු ලැබුවේ? මා වරයන් ලබා දෙන්නා වූ කල්ප වෘක්ෂයකි. සෑම විටම මා මාගේ භක්තිකයන්ට වරයන් ලබා දීමට පැහැදී සිටී.

ඉන්පසු සියලු දේව පිරිස තාරකාසුර ගේ ක්‍රියාකලාපය දේවියට පැහැදිලි කර නැවත මනු ලොව ජන්මය ලබා ශිව දෙවිඳුන් විවාහ කරගන්නා ලෙස පවසයි. දේව සමූහයාගේ වදන් අසා මාතාව ගෞරි ලෙසින් මනුෂ්‍ය ස්වරූපයෙන් හිමාල රජුගේ දියණිය ලෙසින් ඉපදෙන බව පවසයි. මෙය අසා හිමාල රජුගෙ සතුට දෙගුණ තෙගුණ විය. මුලු විශ්වයේම රැජිණ වූත් ත්‍රිමුර්තියේ මාතාව වූ මහා ආදි ශක්ති ජගත් ජනනි මහමායාව තම දියණිය වීමේ සතුට දරා ගත නොහැකිව මාතාව ලග දනින් වැටි විශ්වයේ ගීතය දෙශණා කිරීමට ඇරයුම් කරයි.

Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog