දේවී ගීතාව - හැඳින්වීම


වරෙක තාරකාසුර නමින් ශිව භක්තියෙක් විය .ඔහු තම දෙවිඳුන් කෙරෙහි දීර්ඝ කාලීන තපසක නිරත විය.තපස සාර්ථක වුන අතර කිසිම දෙවි කෙනෙකු අමරණීයත්වයේ වරම ලබා  නොදෙන බව ඔහු හොදින් දැන සිටියේය. එහෙයින් ඔහු අමරණීයත්වය නොව තම මරණය සිදු වීමේ අකාරය ඉල්ලන ලදි. එම ආකාරය නම් ශිව සහ මහේශ්වරියගේ පුත්‍රයා තමන්ගේ මාරයා ලෙස පත් කිරීමත් ඔහු හැර කිසිඳු දෙවි කෙනෙක්, අසුරයෙක් හො මනුශ්‍යයෙක්ට තමන්ම පරාජයට පත් කර නොහැකි වීමට ශක්තියත් ය.ශිව යනු බෝලේ නාථ්‍යය. තම භක්තිකයෙක් තමා ප්‍රසන්න බාවයට පත් කරහොත් භක්තිකයා ඉල්ලන ඔනෑම වරයක් එතුමන් ලබා දේ.එය එතුමාගේ ලිලාවයි. තථාස්තු නමින් ශිව දෙවිඳුන් ඔහුට වරම ප්‍රදානය කරන ලදි.

තමාට හිමි වූ අසීමිත ශක්තිය හේතු කොට ගෙන ඔහු තුන් ලොව (දෙව්,මනුෂ්‍ය,පතාල) ආක්‍රමණය කර ස්වර්ගයේ රජු බවට පත් විය. එපමණක් නොව සියලු දේව පූජා නවත්වන ලෙසත් සියලු පුද පූජා තමා කෙරෙහි පමණක් සිදු කල යුතු බවට අණක් ද පැතිරවිය. මේ පිළිබඳව උරණ වූ දේව සමූහයා පරමේශ්වර ශ්‍රී විශ්ණු දෙවිඳුන් හට මේ පිළිබඳව සැළ කරයි . ඔහුට ලබා දුන් වරම අනුව ඔහුගේ අවසානය සඳහා ශිව දෙවියන්ගෙ දරුවෙකු අවශ්‍ය බවත් නමුත් වර්තමානයේ ශිව දෙවියන්ට පතිනියක් නොමැති හෙයින් මහාමායා ව උදෙසා තපස් රැක එතුමිය තපස් බලය කෙරෙහි ප්‍රසන්න වු කලි වරයක් ලෙස එතුමියට බෞතික ස්වරූපයකින් මනු ලොවට පැමිණ ශිව දෙවියන් විවාහ කරගන්නා ලෙස පවසන ලෙසට අණ කරයි.

සියලුම දේව,බ්‍රාහ්මණ සහ රාජ වංශික ගණයා වර්ශ ගණනාවක් පුරා ආදි ශක්ති මහාමායාව වෙනුවෙන් තපස් රකි. අවසානයේ එක් දිනක ඔවුන් ඉදිරියේ සූර්‍යන් දහසක් තරම් ප්‍රබල වූ ආලෝකයක් දිස් විය. එහි රශ්මියෙන් මුලු තුන් ලෝකයම ඒකාලෝක විය. ආදි ශක්ති මහාමායාව ඔවුන් ඉදිරියේ ප්‍රකට විය. මා ඔබලාගේ භක්තිය කෙරෙහි ප්‍රසන්න වූ බවත් අවශ්‍ය වරයක් ඉල්ලන ලෙසත් පවසයි.දේව සමූහයා සියලු කාරණයන් පවසා මනුශ්‍ය ස්වරූපයකින් මනු ලොව ජන්මය ලබන ලෙසින් ආරාධනා කරයි. මෑණියන් එයට එකඟ වී තමා හිමාලයේ රජු සහ රැජිණට දාව පාර්වති ලෙසින් උපදින බව පවසයි.

මෙය අසා සිට හිමාල රජුන් ඉතා ආනන්දයට පත් වී කඳුළු වගුරව යි. විශ්ව මාතාවගේ පියා වීම ඔහුට විශාල භාග්‍යක් බවත්.විශ්ව මාතවට සේවය කර යුතු ආකාරයත් ජීවිතයේ නියම කඩඉම කුමක්ද යන්නත් විමනු ලබයි.
එහිදී මාතාව ස්වයං හික්මීම සහ මෝක්ශය ලබා ගැනීමේ මාර්ගය වන දේවී ගිතාව දේශණා කරනු ලබයි.

ගිතා යනු ගිතිකාවයි, දෙවි ගීතාව යනු මෑණියන්ගේ ගීතිකාවයි.දේවි ගිතාව කොටස් 12කින් යුක්ත වේ.දේවි භගවත පුරාණයේ 7වන පරිච්ඡේදය දේවී ගිතාවයි.මෙහි ඇති සෑම වදනක්ම විශ්ව මාතාව විසින් දේශනා කල විශ්වීය දැනුමයි. දේවි ගිතාව තුල භක්ති යෝගය මෙන්ම යෝග වැඩීමෙ අවශ්‍යතාවය පිළිබඳව ද පැහැදිලි කරයි.
Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog