ශ්‍රී චක්‍රය

මහා දේවියගෙ සියලු ශක්තීන් හෙවත් විශ්වයේ සියලුම ශක්තීන් අඩංගු යන්ත්‍රය ශ්‍රී යන්ත්‍රයයි.මෙයට සිංහලෙන් මහා මේරු යන්ත්‍රය ලෙස හැඳින්වේ.ශ්‍රි ලලිතා ත්‍රිපූර සුන්දරියගේ පාදස්පර්ෂයේ මෙම ශ්‍රී චක්‍රය වැඩ හිඳී.එතුමිය විශ්වයේ සියලුම ශක්තින් තමා වෙත ආරෝපණය කරගනිමින් මෙම යන්ත්‍රය බලවත් කරනු ලබයි. නිවැරදිව පරිහර කරන්නන්ට විශාල ශක්තිය ලබා ගත හකි යන්ත්‍රයකි, මෙහි අකාර කිහිපයකින් දැක්විය හැකිය.


මෙහි ත්‍රිමාණ ව්‍යුහය කන්දක් අකාරයට දැක ගත හැකිය. මෙහි එක් එක් මණ්ඩලයන් තුලින් ශරීරයේ ඇති චක්‍රයන් පෙන්වා දෙයි, එනම් කුන්ඩලිනි යෝග වැඩීමෙදි ශරීරයේ ඇති චක්‍ර අවදි කිරීමට මෙම මහා මෙරූ යන්ත්‍රය උපකාරි වේ
අප කටින් පිටවන්නා වූ ඕම් යන්නෙහි ශබ්ද තරංග වල ව්‍යුහය ශ්‍රි යන්ත්‍රය හා සමාන බව ඔබ දන්නවාද? මී පිළිබඳව මුලින්ම සොයා ගනු ලැබුවේ අචාර්ය හාන්ස් ජෙනී විසින්ය ඔහු ශබ්ද තරංග පිළිබඳ පර්යේශණ කළ විද්‍යාඤයෙකි.

ශ්‍රී යන්ත්‍රයෙ ඇති රටාවේ උඩ ත්‍රිකොණ පහෙන් ස්ත්‍රී ශක්තියත් යට ත්‍රිකොණ හතරෙන් පුරුෂ ශක්තියත් පෙන්නුම් කරයි. 



මෙම ශ්‍රී චක්‍රයේ ඇති සමහර කාරණා අදටත් අභිරහසක් වේ,මෙම වි‍යුහය තුලින් සමස්ථ විශ්වයේ ආකෘතිය විදහාපාන බවට මතයක් තිබේ.විශ්වයෙ හා සම්බන්ද වන දොරටුවක් ලෙසින්ද සැලකේ.මෙහි චක්‍රයේ ඇහි රටාවට පිටින් ඇති රවුම විශ්වයෙ පිට කවරය් වන අතර ත්‍රිකෝණයන් ගට්ටනය වන ස්ථාන වල තිත් තැබුවහොත් එහි මධ්‍යයේ ඇති තිත සම්පූර්ණ විශ්වයෙ මධ්‍ය ලක්ශයයි මනස දියුණු කර යෝගින් මෙම ශ්‍රී චක්‍රය හරහා සමස්ථ විශ්වය තුලම ගමන් කල බව පැවසේ


එමෙන්ම මෙහි තවත් වැදහත් කාරණාව නම් මෙහි සංකීර්ණ රටාව පරිඝනයක් ඔස්සෙ අද ඉතා පහසුවෙන් නිර්මාණය කර හැකි වූවත්, කොලයක් ගෙන මෙය අතින් ඇඳීම ඉතාමත් අපහසු මුළු ජිවිත කාල‍යම වැය වන කාර්යකි

ශ්‍රී චක්‍රය බලවත් කිරීම හා පුද පූජා කරන අයුරු මන්ත්‍ර සහ ස්තොත්‍ර ලිපි මලාවෙන් බලාපොරොත්තු වන්න. 


Share:

1 comment:

Powered by Blogger.

Top Menu

About

LightBlog