ත්‍රිපූර සුන්දරියගේ මහිමය

දේවියගේ උසස්ම වචනයෙන් කියා නිම කල නොහැකි,දේවත්වයේ උතුම් ස්වභාවය, ආධ්‍යාත්මයේ උතුම් ඵලය වන ඒ මහා ස්වරූපය වන්නේ ශ්‍රී ලලිතා ත්‍රීපූර සුන්දරියයි.එතුමියගේ කාර්‍ය,එතුමියගේ ක්‍රියාශිලීත්වය,මහිමාව වචනයෙන් කියා නිම කල නොහැක.

ත්‍රිපුර යනු තුන් ලෝකයයි,සුන්දරි යනු අලංකරය යන්නයි, තුන් ලෝකයේ රූපශ්‍රීයෙන් අග්‍රතම ස්ත්‍රිය එතුමියයි,පාර්වතිය තුන් ලෝකයේ ලස්සනම ස්ත්‍රිය වන්නෙ එම නිසාය.මහා ශක්තිය කිසිවක් මත යැපෙන්නේ හෝ සරණ යන්නෙ නැත, මෙම සර්වබලධාරි ශක්තිය විවිධ අවස්ථා වලදි විවිද ස්වරූපයන්ගෙන් පහල වේ ත්‍රිපුර සුන්දරිය ආදි ශක්තියේ විශිෂ්ඨතම ස්වරූපයයි. හින්දු ධහම සියලු තාන්ත්‍රික (ආධ්‍යාත්මික ) ශක්තීන්  වල ක්‍රියකාරිත්වය එතුමිය සතුව පවති. එතුමිය වන්දනය තුලින් එතුමියගෙ ධර්මයන් ප්‍රගුන කිරීම ස්‍රි විද්‍යා ලෙසින් හැඳින්වේ.ස්‍රි යනු ශුභ යන්නයි සේම ත්‍රිපූර සුන්දරිය හඳුන්වන තවත් අන්වර්ථ නාමයකි.විද්‍යා යනු දැනුමයි.එම නිසා විශ්වයේ අභිරහස් ඤාණය පවතින්නේ මෙතුමිය තුලය.පූරාණ යෝගි වරුන් විශ්වයේ රහස් ස්ය ගනු ලැබුවේ මෙතුමිය හරහාය.ශක්ති නිකායේ පරබ්‍රහ්ම ස්වරූපිණි ලෙසින් හඳුන්වන්නේ මෙතුමිය වන අතර, සියල්ල ආරම්භ කිරීමේ ශක්තිය මෙතුමිය තුල ඇත.බෞතික ලෝකයට මායාමය ශක්තිය මෙතුමිය තුලින් ලබා දේ .එතුමිය කාමෙශ්වරන් සමඟ එක් වී බ්‍රහ්ම විශ්ණු මහේශ්වර ලෙසින් තුන් ලෝකය පාලනය කරයි.මහා ශක්තිය කිසිවක් මත යැපෙන්නේ හෝ සරණ යන්නෙ නැත, මෙම සර්වබලධාරි ශක්තිය විවිධ අවස්ථා වලදි විවිද ස්වරූපයන්ගෙන් පහල වේ.

රාජ රාජේශ්වරි, බාලා , ලලිතා යනුවෙන් හඳුන්වන්නේ මෙම මාතෘ මහා ශක්තියටමය,එමෙන්ම භුක්ති මුක්ති ප්‍රදායිනි ලෙසින් මෙතුමියට හැඳින්වේ, එනම් ජීවත් වීමට අවශ්‍ය මුක්තියත්, භවයෙන් මිදීමට අවශ්‍ය මුක්තිය ප්‍රදානය කරන ශක්තියයි. සත්‍ය වශයෙන් ත්‍රිපූර සුන්දරියට බෞතික රුවක් නොමැති වූවත් සිතුවම් වල අත් සතරකින් එතුමියගේ පුරුශාර්ථ (ගුණයන්) සතරක් දැක්වේ.ඒවා තොණ්ඩුවක්, උක් ගසක්, මල් පොකුරක් සහ හීයක් වේ. මෙයින් ධර්ම (ධර්මිෂ්ඨකම ), අර්ථ (සෞභාග්‍ය ), කාම (මානසික සතුට,ආදරය, ලිංගිකත්වය ), මෝක්ෂය (විමුක්තිය/නිදහස ) යන ගුණයන් දැක්වේ.දේවිය තුලින් මිනිස් ජිවිතයට වැදගත් මෙම ගුණයන් ප්‍රකට වේ.

සති දේවියගෙ අභාවයෙන් පසු ශිව දෙවිඳුන් මේ මහා ශක්තිය වෙනුවෙන් යෝග වඩා තම පතිනිය විමට ඇරයුම් කරේය. ත්‍රිපූර සුන්දරිය සදා ශිවගෙ නාභිය මත හිඳ විශ්වීය ලිලාවක් පෙන්නුම් කරයි.මෙම එක්වීම සාමාන්‍ය මනසකට පහසුවෙන් ගෝචර නොවේ, මෙය සත්‍ය සහ අසත්‍ය යේ එක්වීමයි.නිවැරදි දෘෂ්ටියෙන් බලන විට අසත්‍ය තුලින් සත්‍ය දැකීමට හැකි වේ.මහා ශක්තියේ පාදස්පර්ශයේ ඇති ශ්‍රි චක්‍රය තුලින් සමස්ථ විශ්වයම විදහා පායි.ශ්‍රි චක්‍රය පිළිබඳව ඉදිරියේදී කතා කරමු
Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog