Home »
» දේවිය යනු කවුද?
දේවිය යනු කවුද?
දේවිය යනු කවුරුන්ද? බොහෝ බටහිර ජාතීන් හින්දු ධහම දෙස බලනවිට කවුද දේවිය යන්නෙන් පැණයක් නඟයි, බටහිර ආගම් වල පුරුශ බාවයට සැම විටම මුල් ස්ථානයක් හිමි වී තිබුනද,ඉන්දියාවේ ශක්ත නිකාය තුල ස්ත්‍රිය සර්ව ශ්‍රේෂ්ඨ ලෙසින් දක්වනු ලබයි.දේවිය යනු මුලු විශ්වයම ක්‍රියාකරන විශ්ව ශක්තියයි.
දේවිය යනු ශක්තිය හඳුන්වනු ලබන තවත් නාමයකි ශක්තිය යනු බලයයි,එනම් ශක්තිය විසින් ස්පන්දනය සහ චලිතය ඇති කරන අතර සියලු ස්ක්‍රිය සහ නිශ්ක්‍රිය වස්තූන් ගේ ආරම්භය වේ.මෙම ශක්තියේ පිරිම ස්වරූපය ශිව වන අතර ගැහැණු ස්වරූපය ශක්ති වේ, ශිව නොමැතිව ශක්තිය අසම්පූර්ණ වන අතර ශක්තිය නොමැතිව ශිව අසම්පූර්ණ වේ.ශිව විශ්වයේ ක්‍රියාවලිය ගෙන යන අතර ශක්තිය එතුමාට දායක වේ. ශක්තිය ප්රක්රිතිය ( ස්වභාවධර්මය ) ලෙසින් හඳුන්වන අතර, ශිව පුරුශ ලෙසින් හඳුන්වයි. මේ අනුව දේවියගෙ පුත්‍රයා සදාශිව වේ,සදාශිව යනු දෙවි කෙනෙක් නොව යම් තත්වයකි,විශ්ව මතාව නම් ප්රකිතියේ පුත්‍රයා සදාශිව වේ, එනම් ජීවය පටන් ගැන්මට දායක වන පුරුශ ශක්තියයි.නමුත් ප්රක්රිතියේ (ස්වභාවධහම ) නියම අකාරය තෙරුම් කර ගත නොහැකි වූ මිනිසා ප්රක්රිතියේ නියමයන් උල්ළංගනය කිරීම හේතුවෙන් විවිධ ස්වභාවික විපත් සිදු වේ.
නමුත් ඇතැමුන්ට මෙය ගැටලුවක් විය හැකිය,ශක්තියක් කෙසේද ස්ත්‍රි හෝ පුරුෂ බාවයට පත් වන්නේ කියා, මූලික ශක්තියට ස්ත්‍රී හෝ පුරුෂ භාවයක් නොමැත.නමුත් බෞතික ලොකය නිර්මාණය කිරීමේදි ශක්තිය ස්ත්‍රී ලිලාවක් ගනු ලබයි.ස්වභාවයෙන් ජන්මයක් බිහි කර හැක්කේ ස්ත්‍රි ලිලාවකටම පමණි.යමක ලාලිත්යක් ඇත්තෙ ස්ත්‍රි ලිලාවකටය,ප්රක්රිතියේ සුන්දරත්වය ස්ත්‍රි ලීලාවක් වේ.ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑම සත්වයෙකුටම මෙම ස්ත්‍රි ලිලාව අඩු හෝ වැඩි වශයෙන් තිබේ,උදාහරණයක් ලෙස නර්ථනයේ ලාලිත්‍ය ස්ත්‍රී ලීලාවකි. සංගීතයේ රාගය තාලය ස්ත්‍රී ලිලාවකි.මේ සියල්ල විශ්ව ශක්තියේ ස්ත්‍රී ලිලාවෙන් ලොවට දයාද වූ දේවල් වේ.
නමුත් පුරාතණ ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගේ තිබෙන මානය හේතු කොට ගෙන අතීතයේ පුරුෂ පක්ශය විසින් ස්ත්‍රී පක්ෂය යටපත් කරනු ලැබුවේය.වේදය පවා ඉගෙනීම තහනම් කරනු ලැබුවේය,නමුත් දේවිය විවිධ අවස්ථා වලදි බ්රාහ්මනයන්ගේ මානය දුරු කොට කාන්තාවන්ගේ අගය වටහා දෙනු ලැබුවාය. නමුත් වර්ථමානයේත් බටහිර ඇතම් ආගම් නිසා කාන්තාව යලිත් බෙලහීන ජාතියක් බවට පත් කොට ඇත.නමුත් ශක්ති භක්තිකයන් කාන්තාව දේවත්වයෙන් සළකනු ලබයි, මව තරම් උතුම් අයෙක් වෙන කොහෙන්ද? ජීවයක් ලබා දෙන්නෙ මවයි, ජීවයට උණුසුම ලබා දෙන්නේ මවයි.සෑම කාන්තාවක්ම දුර්ගාවකි, කාලියකි.
No comments:
Post a Comment