ආදි පරා ශක්ති

ආදි පරා ශක්ති

ශක්ති යන්නෙහි අර්ථය කොටස් 2කින් හැඳින්විය හැකිය. ශ යනු යහපත් යන්නයි, ක්ති යනු ශක්තිය යන්නයි. එබැවින් සියල්ලටම සතුට සෞභාග්‍ය ලබා දෙන ශ්ක්තියයි.මෙම ශක්තිය තුලින් සියල්ලටම ජීවය දෙන පැවැත්ම විනාශය ලබා දෙනු ලබයි.දේවි භගවතම් තුල මෙම ශක්තිය සියල්ලන්ගේම මූලය ලෙසින් හැඳින්වේ.විශ්වයේ සියලු කාරණයන්, එනම් ජීවයේ පැවැත්ම,තරු සහ ග්‍රහලෝක වල පැවැත්ම,සමස්ථ විශ්වයට අයත් සියලුම ජීවී අජීවී වස්තූන් වල සියලු කාර්‍යන් මෙම ශඛිය මත පදනම් වේ.නමුත් වර්ථමානයේ සිටින බොහෙ පිරිස් හට මෙම ශක්තියේ නියම ස්වභාවය වටහා ගැනීමට අපහසු තත්වයකට පත්ව ඇත.

විද්‍යාඥයන් විසින් මෙම ශක්තියට ස්වරූපයක් නොමති බවත්, තිබෙන ස්ථානයක් පැවසිය නොහැකි බවත්,සමස්ථ විශ්වය පුරා මෙය පැතිරී ඇති බවත් පවසයි.මෙම ශක්තිය සැම පැත්තකින්ම සෑම දෙයක්ම වට කරගෙන මුලු විශ්වයම අල්ලාගෙන සිටින නමුත් එය පෙනෙන්නේ කෙසේද යන්න සහ එය ක්‍රියා කරන ආකාරය කිසිවෙකු දන්නේ නැත.විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අඳුරු ශක්තියක් පවතින බවත් එය සියවසේ වඩාත්ම විප්ලවීය සොයා ගැනීම වන බවත් ඔවුහු විශ්වාස කරති.මෙම අඳුරු ශක්තිය පිලිබඳ දැනුමක් ලැබීමෙන් පසු භෞතික ලෝකයේ නව සමීකරණ ඇතිවිය හැකි බව ඔවුහු පවසති.වර්ථමානයේ ඔවුන් මෙම අදුරු ශක්තිය සොයා ගැනීම සඳහා පර්යේෂණ දියත් කර ඇත.

නමුත් ධර්මයෙන් මේ සියල්ලටම පිළිතුරු ඇත, මහා කාලිය විසින් කාල තරංගය පාලනය කරනු ලබයි.මෙම ශක්තිය තුලින් යමෙකුගේ ජිවිතය පරිපූර්ණ තාවයට කැඳවාගෙන යනු ලබයි. මම විශ්ව ශක්තියේ මුල්ම විකාශණයන් මෙසේය බින්දු - මූලය, නාද -සම්පූර්ණ විශ්වය, කාල - කාල තරංගය.
මෙම සදාතනික වූ ශක්තිය අප ලෝකය පමණක් නොව සමස්ථ විශ්වය පුරාම විහිදි යනු ලබයි. මෙම ශක්තියෙ එක් එක් මූලයන් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත, උදාහරණයක් ලෙස ගුරුත්වය දැක්විය හැකිය,එමන්ම තවත් බොහෝ දෑ සොයා ගෑනීමට තිබේ.ධර්මය තුල මෙම ශක්තියට ආදි ශක්ති දුර්ගා දෙවිය ලෙසින් හඳුන්වයි. මෙම ශක්තිය විසින් බෞතික ලෝකයට ශක්ති ස්වරූප තුනක් දයාද කොට ඇත එනම්,

ඉච්චා ශක්ති (අදිෂ්ඨාන ශක්තිය )
ක්‍රියා ශක්ති (ක්‍රියා කිරීමේ ශක්තිය )
ඤාණ ශක්තිය (බුද්ධියේ ශක්තිය )

දුර්ගා දේවිය බින්දු, නාද, කාල වශයෙන් ප්‍රකට වන විට එයින් ගුණ තුනක් පෙන්නුම් කරනු ලබයි, එනම් සාත්ත්ව ගුණ, රාජස් ගුණ, තමස් ගුණ, මෙම ගුණයන් තුන බෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් සෑම පුදගලයෙක් තුලම පවතී.ශක්තියද තම සඟුන ස්වරූපයන් හීදී මෙම ගුණයන් තුනට බන්ධනය වනු ලබයි, එමෙන්ම ශක්තියේ නිර්ගුණ ස්වරූපයේදී මෙම ගුණයන් තුනට බන්ධනය නොවේ, එනම් ත්‍රීගුණයන්ගෙන් තොර වූ හෙයින් ත්‍රිගුණථිත නම් වේ.  ශක්තියේ සම්පූර්ණ නිර්ගුන ස්වරූපය ආදි ශක්තී/ ආදි පරා ශක්තී දුර්ගා ලෙසින් හඳුන්වයි, සම්පූර්ණ සඟුණ රුව දුර්ගා,පාර්වති ලෙසින් හඳුන්වනු ලබයි.නමුත්  එතුමියගෙ සඟුන ස්වරූප හඳුන්වන්නෙ මේ නාමයන්ගෙන් පමණක් නොව, ශක්තිය විවිධ කාලයන්හී දී විවිධ ස්වරූපයන්ගෙන් පහල වනු ලබයි. උදාහරණයක් ලෙස කලි යුගයේ සංතෝශි මාතාවගේ පහළ වීම දැක්විය හැකිය.
Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog