සර්වබලධාරි දෙවඟන විසින් වදාරන ලද දේවී ගීතාව තුළ මනුෂ්‍යාට සදාකාලික ජීවනයකට මග පෙන්වා දෙයි. අපි දෙවඟන අකමැති දේ එනම් අයහපත් කර්මයන් කරමින් සංසාරයේ සැරිසැරීම නම් දඬුවම ලැබීමට සුදුසුකම් ලැබ සිටිමු. එය එසේ වුවත් උන්වහන්සේ ගැලවීම උදෙසා අපට මාර්ගය පෙන්වා දේ. දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිදූ තුළ සදාකාල ජීවනයයි. දේවිය සදාකාලික ආනන්දයේ ස්ථානය වන මණිද්වීපයේ මෝක්ෂ තලයේ වාසය කරමින් සියලුම ජීවින් හට මුක්තිය ප්‍රධානය කරමින් ගැලවීම ලබා දෙන්නීය.
මහාදේවින් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත නොහැක. ඔබ ආදි පරාශක්ති මහාදේවිය ඔබගේ ගැලවුම්කරුවානන් ලෙස පිලිගැනීමට අවශ්‍යය නම්, දේවී ලෝකය වෙත ඔබේ ආත්මය ඔප්පු කිරීමට සුදානම් වන්නේ නම් ඒ සඳහා පවිත්‍ර භක්ති මාර්ගය අනුගමනය කළ යුතුය. පවිත්‍ර භක්තිය යනු ස්තෝත්‍ර ගායනා කිරීම සහ යාඥා කිරීම පමණක්ම නොව එය ක්‍රියාවෙන් ඔප්පු කොට එය කර්ම යෝගයක් බවට හරවා ගත යුතුය.
No comments:
Post a Comment