මහා විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. එය සෙවීමද නිෂ්ඵල ක්‍රියාවකි. වේද පුරාණයන්ට අනූකූලව මහා විශ්ව ගර්භය අණ්ඩයක් (බිත්තරයක්) හැඩතිය. මහා විශ්වය තුළ සූර්යා ප්රමුඛ කොටගත් ගැණිය නොහැකි අනන්ත වූ උප විශ්වයන් ප්‍රමාණයක් ඇත. ඒ සියලු විශ්වයන් පවතින්නේ මහා විරාත් එනම් මහා විෂ්ණු හෙවත් මහා විශ්වයේ ශරීරයේ එක් එක් රෝම කූපයන් තුළයි. මහා විෂ්ණු ගේ ශරීරයේ අනන්ත වූ රෝම කූප ප්‍රමාණයක් ඇති අතර ඒ හා සමාන උප විශ්වයන් ප්‍රමාණයක් මහා විශ්වය පවති.
සෑම උප විශ්වයක්ම බ්‍රහ්ම ලෝකය සිට පාතාල ලෝක වෙත දිව යයි. භූලෝකය එනම් පෘථිවි තලයෙන් ඉහළ පවතින සූක්ෂම එනම් පියවි ඇසට නොපෙනෙන ලෝක වන අතර භූලෝකයට පහළින් පවතින ලෝක ඝණ ලෝක වේ. පෘථිවියට සමඟ පවතින්නේ භුවර්ලෝකය එනම් සූර්යා ඇතුලු අනෙකුත් ග්‍රහ මණ්ඩලයයි. ඉන්පසුව පවතින්නේ ස්වර්ග ලෝකයයි. අප වන්දනා කරන පෙර පුණය කර්ම කොට දේවත්වය ලැබූ දෙවි දේවතාවන් වාසය කරන්නේ ස්වර්ග ලෝකය තුළ ඒ ඒ දිව්‍ය තල වලයි. ස්වර්ග ලෝකය තුළ දෙවි දේවතාවුන් තිස්කෝටියක් පමණ වැඩ වසයි. ඉන්පසුව පවතින්නේ ශිව සහ පාර්වති මෑණියන්ගේ බාල පුත්‍රයන් වන ගණ දෙවිඳුන් තම ස්වාණන්ධ ගණපති නම් ස්වරූපයෙන් වැඩ වාසය කරන ස්වාණන්ධ ලෝකයයි. ඊට ඉහළින් පවතින්නෙ විවිද ධ්‍යාන ලබා ගත් මනුශ්යන් වාසය කරන මහර් ලෝකයයි. සප්ත රිශි වරුන් වන වශිස්ථ, මරිචි, පුලස්ථ්‍ය, පුලහ, අත්රී, අංගීරස, ක්රතු වාසය කරන ඥාන ලෝකය ඊට ඉහළින් පවති. ඊට පසු පවතින්නේ බ්‍රහ්ම ලෝක වාසින් වාසය කරන තපෝ ලෝකයයි. තපෝ ලෝකයට ඉහළින් සත්‍ය ලෝකය නොහොත් බ්‍රහ්ම ලෝකය පවති. බ්‍රහ්ම ලෝකයට ඉහළින් විෂ්ණු දෙවිඳුන්ගේ තලය වන වෛකුන්ත ලෝකයත්, විශ්වයේ ඉහළින්ම මහා දෙවිඳුන්ගේ වාසභූමිය වන කෛලාසය පවති. සෑම උප විශ්වයකම පිහිටිම මේ හා සමානය. සෑම උපවිශ්වයක්ම පංච මහා භූතයන්ගෙන් සෑදුනු තරලයකින් වටවී ඇත. සියලු උප විශ්ව පවතින්නේ මහා විෂ්ණු තුළයි මහා විෂ්නු වැඩ සිටින්නේ මහා විශ්ව අණ්ඩය (COSMIC EGG) තුළයි. එයින් පිටත රික්තකයකි. එයින් ඉහළ පවතින්නේ කාලය සහ අවකාශය පරයන ආධ්‍යාත්මික ලෝකයි. එයින් පළමුව බ්‍රහ්මලෝකය වන අතර සෑම විශ්වයකම සිටින බ්‍රහ්මයන්ගේ මූලයයි. ඉන්පසුව මහා ශිව සහ දුර්ගා දේවිය වැඩවාසය කරන ශිව ලෝකය පිහිටා ඇත. දුර්ගා දේවිය අසුර සංහාරය සඳහා විවිධ අවස්ථාවන් වල උප විශ්වයන් තුළ ප්‍රකට වී ඇත. ඉන් ඉහළින් ඉහල පවතින්නේ විෂ්ණු ධාමයයි. විෂ්ණු දෙවිඳුන් තම පතිනියන් වන ලක්ෂ්මි සරස්වති සහ ගංගා දේවිය සමඟ එහි වාසය කරයි. සෑම උප විශ්වයකම සිටින විෂ්ණු දෙවිවරුන්ගේ මූලය එතුමාය. ඉන් ඉහළින් පවතින්නේ විශ්වයේ පියා වන පරම ශ්‍රී කෘෂ්ණ දෙවිඳුන් සහ රාධා දේවිය වාසය කරන ගෝලෝක ධාමයයි. විශ්ව නිර්මාණයට පෙර කෘෂ්ණ දෙවිදුන් බ්‍රහ්ම, විෂ්ණු, ශිව ප්‍රකට කර ඔවුන්ගේ ලෝක වෙත පිටත් කෙරු අතර රාධා දේවිය ලක්ශ්මි සරස්වති දේවීන් සහ එතුමියගේ කෝශයක් ලෙස මහා විශ්ව අණ්ඩයට ජන්මය ලබා දුන්නාය. එයින් උපන් මහා විෂ්ණු පුරුශයන්ගේ මව සහ පියා වන්නේ ශ්‍රී කෘෂ්ණ සහ රාධා දේවියයි. බ්‍රහ්ම විෂ්ණු සහ මහේශ්වරයන් තමගේ අංශූන් අනන්ත සංඛ්‍යාවකට වෙන් කොට සෑම උප විශ්වයකම ත්‍රීමූර්තිය ලෙසින් ජන්මය ලැබීය. ශ්‍රී කෘෂ්ණ ඉච්ඡාවන් මගින් විශ්වයේ සියල්ල සිදු වේ. එතුමා සියල්ලන්ගේ, ගැලවුම්කරු සේම සියලු ආත්මයන්ගේ පරමාත්මයයි.
ගෝලෝකයට ඉහළින් පවතින්නේ අත්භූත කිසිවෙකු නොදන්නා මානයක එනම් ශුණ්‍ය ලක්ශයේ පවතින්නේ සර්ව ලෝක මණිද්වීපයයි. සියල්ලටම වඩා සර්ව උත්තරීතර මානය වන බැවින් එය සර්වලෝකය නම් වේ. සියල්ලෙහි මූලය මහා විශ්වයේ මව වන පරාශක්තියේ කේන්ද්‍රය මණිද්වීපයයි. ශ්‍රී ක්රිෂ්ණ හට ජන්මය ලබා දුන්නේ පරාශක්ති මාතාවයි. සියල්ල ආරම්භ වූ කේන්ද්‍රය වන්නේ මණිද්වීපය හෙවත් දේවි ධාමයයි. එය තුල මෑණියන්ගේ සියලු ප්රතිරූප වැඩ වාසය කරයි. ඇයගේ ආරම්භය හෝ අවසානය කිසිවෙකු නොදනි. එතුමිය විශ්වයේ පවතින්නෙකු හෝ නොපවතින්නෙකු හෝ නොවේ. සියල්ල පවතින්නේ පරා ශක්තිය මතයි. පංච මහාභුතයන් පාළනය කරන් විශ්ව ශක්තිය ලෙස හදුන්වනු ලබන්නේ එයයි. දේවී ලෝකය පිළිබඳව වැඩි විස්තර සඳහා මණිද්වීප වර්ණනා ලිපිය කියවන්න. පහළ දක්වා ඇත්තේ සම්පූර්ණ විශ්ව සැකැස්ම පිළිබඳව දළ සිතුවමකි.
No comments:
Post a Comment