හින්දු දින දර්ශනයට අනුකූලව අශ්විනි මාසය එනම් සූර්‍යයා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ මහා ශරද නවරාත්‍රි උත්සවය පවත්වයි. එහිදු රාත්‍රි නවයක් පුරා දුර්ගා මෑණියන්ගේ නව ස්වරූපයන්ට පුජා සත්කාර කරනු ලබන අතර දුර්ගා දෙවඟන යනු ශක්තියේ ප්‍රතිරූපයකි.
ඝඨාස්තාපණය සහ ශෛලපුත්‍රී පූජාව
ඝඨාස්තාපණය
තරමක් විශාල තැටියක් ගන්න (මැටි, තඹ හෝ පිත්තල) එය මැද කට තරමක් විශාල කලයක් තබන්න. ඉන්පසු තැටිය තුල කලය වටා පස් අතුරා එය මතින් ධාන්‍ය වර්ගයක් අතුරන්න. එයට උඩින් නැවත පස් දමා තවත් ධාන්‍ය වර්ගයක් අතුරන්න. මේ අකාරයට පස් තට්ටු හතකට ධාන්‍ය වර්ග සතක් තට්ටු අකාරයට තැන්පත් කරන්න. අවශ්‍ය නම් ජලය ස්වල්පයක්ද දමන්න. ඉන්පසු කලයයෙ කට වටා රතු නූලක් ඔතා පිරිසිදු ගංගා ජලය හෝ සත් වරක් පෙරා ගත් ජලය පුරවන්න. එයට කරාබුනැටි, සුවඳ කුඩු, නොකැඩුනු සහල්, දුර්වා තණ සහ දමා කලයේ කට වටා අඹ පත්‍ර 5ක් තබන්න. ඉන්පසු කලයේ කට උඩින් රතු රෙද්දක ඔතා ගත් පොල් ගෙඩියක් තබන්න. හැකිනම් කලයේ ස්වස්ථික ලකුණද ඇඳීමට පුළුවන.
ශෛලපුත්‍රී පූජාව
සතී දේවිය සියදිවි තොර කර ගැනීමෙන් අනතුරුව ඇය නැවත වතාවක් පර්වත රජු ගේ දියණිය එනම් ශෛලපුත්‍රි ලෙසින් ජන්මය ලබන්නීය. ඇය වෘශාරුඩ දේවියයි. එමන්ම උමා, හිමාවති සහ පාර්වති ලෙසින් හඳුන්වන්නේද එතුමියයි.
ශෛලපුත්‍රි පූජාව සඳහා එතුමියගේම රූපයක් අවශ්‍ය නොවේ. මාතාවගේ කුමක් හෝ ශාන්ත ස්වරූපයක් ප්‍රමාණවත් වේ. සාමන්‍ය අකාරයට ගිතෙල් හෝ පොල් තෙල් පහනක් සුවඳ දුම් පිච්ච මල් මාලයක් පළදවන්න. කැවිලි වර්ගයක්ද පූජා කරන්න.
ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - සඳු ග්‍රහයා
මූල මන්ත්‍රය
ඕම් දේවි ශෛලපුත්‍රියේ නමඃ
ප්‍රාර්ථනා
වන්දේ වංචිතාලභය
චන්ද්‍රාර්ධාක්‍රිතශේඛරම් |
ව්‍රිශෘධම් ශූලධරම් ශෛලපුත්‍රිම් යශාෂ්විණිම් ||
ස්තෝත්‍ර
ප්‍රථමා දුර්ගා ත්වම්හී භවසාගර තරනිම් |
ධන ඓශ්වර්‍ය දායිණි ශෛලපුත්‍රි ප්‍රණමාම්‍යහම් ||
ත්‍රිලෝජනනි ත්වම්හී පරමානන්දා ප්‍රදියාමනම් |
සෞභාග්‍යාරෝගා දායිණි ශෛලපුත්‍රි
ප්‍රණමාම්‍යහම් ||
චරාචාරේශ්වරී ත්වම්හී මහාමෝහා විනාශිණිම් |
මුක්ති භුක්ති දායිණිම් ශෛලපුත්‍රි
ප්‍රණමාම්‍යහම් ||
බ්‍රහ්මචාරිණී පූජාව
පාර්වති දේවිය ශිව දෙවියන් පැහැදවීම සඳහා වර්ෂ ගණනාවක තපසක් රකින්නීය. එතුමිය තම සියලු ලෞකික සැප සම්පත් වලින් මිදී බ්‍රහ්මචාරී ව දිවි ගෙවන්නීය. ඇය බ්‍රහ්මචාරිණි දේවියයි.
ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - කුජ ග්‍රහයා
මූල මන්ත්‍රය
ඕම් දේවි බ්‍රහ්මචාරින්‍ය නමඃ
ප්‍රාර්ථනා
දධන කර පද්මභ්‍යාමාක්ශමාලා කමණ්ඩලු |
දේවි ප්‍රසිධතු මායි බ්‍රහ්මචාරින්‍යනුත්ථම ||
ස්තෝත්‍ර
තපස්චාරිණි ත්වම්හීතපාත්‍රයා නිවරණිම් |
බ්‍රහ්මරූපාදර බ්‍රහ්මචාරිණි ප්‍රණමාම්‍යහම් ||
ශංඛරප්‍රිය ත්වම්හී භුක්ති මුක්ති දායිණි |
ශන්තිද ඥාණද බ්‍රහ්මචාරිණි ප්‍රණමාම්‍යහම් ||
ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - සිකුරු ග්‍රහයා
පිංධජ ප්‍රවරරුධ චන්දකෝපාස්ත්‍රකෛර්යුත |
ප්‍රසාධම් තනුතේ මායම් චන්ද්‍රඝණ්ඨේති විශෘත ||
ශුභපරම් |
අනිමදි සිද්ධිදාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
චන්ද්‍රමුඛි ඉශ්ඨ ධාත්‍රි ඉශ්ඨම් මන්ත්‍ර ස්වරූපිණිම් |
ධණාදාත්‍රි ආනන්දධාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
නාණාරූපධාරිණි ඉච්ඡාමායි ඓශ්වර්‍යධායිණිම් |
සෞභාග්‍යයරෝග්‍යධායිණි චන්ද්‍රඝණ්ඨේ
ප්‍රණමාම්‍යහම් ||
ප්‍රියතම පුශ්පය - රතු පැහැ පුශ්ප
පාළනය කරන ග්‍රහ දේවතාවා - හිරු ග්‍රහයා
ඕම් දේවි කුශ්මාණ්ඩාය නමහඃ
සුරසම්පූර්ණ කලාශම් රුධිරාප්ලුත්මේව ච |
දධන හස්ථපද්මභ්‍යම් කුශ්මාණ්ඩා ශුභදශ්තු මේ ||
චන්ද්‍රඝණ්ඨා පූජාව
චන්ද්‍රඝණ්ඨා දේවිය යනු පාර්වතී දේවිය ශිව දෙවිදුන්ගේ සුන්දරේශ්වර ස්වරූපය විවාහ කරගැනීමේදි දරා සිටි ස්වරූපයයි. එතුමියගේ හිස චන්ද්‍ර දෙවිඳුන් වාසය කරන අතර ඇයගේ ඝණ්ඨා නාදයෙන් සියලු අසුර ශක්තීන් විනාශ වන්නේය.
ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - සිකුරු ග්‍රහයා
මූල මන්ත්‍රය
ඕම් දේවි චන්ද්‍රඝණ්ඨාය නමඃ
ප්‍රාර්ථනා
පිංධජ ප්‍රවරරුධ චන්දකෝපාස්ත්‍රකෛර්යුත |
ප්‍රසාධම් තනුතේ මායම් චන්ද්‍රඝණ්ඨේති විශෘත ||
ස්තෝත්‍ර
අපධුදාරිණි ත්වම්හි ආද්‍ය ශක්තීශුභපරම් |
අනිමදි සිද්ධිදාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
චන්ද්‍රමුඛි ඉශ්ඨ ධාත්‍රි ඉශ්ඨම් මන්ත්‍ර ස්වරූපිණිම් |
ධණාදාත්‍රි ආනන්දධාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
නාණාරූපධාරිණි ඉච්ඡාමායි ඓශ්වර්‍යධායිණිම් |
සෞභාග්‍යයරෝග්‍යධායිණි චන්ද්‍රඝණ්ඨේ
ප්‍රණමාම්‍යහම් ||
කුශ්මාණ්ඩා පූජාව
විශ්ව නිර්මාණයේදි දේවිය සූර්‍යාගේ ශක්තිය ලෙසින් කුශ්මාණ්ඩා ස්වරූපයෙන් සූර්‍යාගේ කේන්ද්‍රීය ශක්තිය ලෙසින් වාසය කරන්නට වූවාය. සූර්‍යාගේ දාහක ශක්තිය වන්නේ එතුමිය යි. සූර්‍ය දේවියන් නමස්කාර කරද සූර්‍යා දෙවියන්ගේ ශක්තියද එතුමියමය.
ප්‍රියතම පුශ්පය - රතු පැහැ පුශ්ප
පාළනය කරන ග්‍රහ දේවතාවා - හිරු ග්‍රහයා
මූල මන්ත්‍ර
ඕම් දේවි කුශ්මාණ්ඩාය නමහඃ
ප්‍රාර්ථනා
සුරසම්පූර්ණ කලාශම් රුධිරාප්ලුත්මේව ච |
දධන හස්ථපද්මභ්‍යම් කුශ්මාණ්ඩා ශුභදශ්තු මේ ||
ස්කන්ධ මාතා පූජාව
ස්කන්ධ මාතා යනු ස්කන්ධ කුමරුන්ගේ මෑණියන්ය. සකන්ධ කුමරුන් යනු ගණ දෙවිඳුන්ගේ වැඩිමහල් සොහොයුරා වේ. පාර්වති දේවියට ස්කන්ධ කුමරුන් ලැබුණු පසු එතුමිය ස්කන්ධ මාතා නමින් හැදින්විණි.
පාළනය කරන ග්‍රහ දේවතාවා - බුධ ග්‍රහයා
ප්‍රියතම පුෂ්ප - රතු පැහැති පුෂ්ප
මූල මන්ත්‍රය
ඕම් ස්කන්ධ මාතායේ නමහඃ
ප්‍රාර්ථනා
සිංහාසනගත නිත්‍යම් පද්මාංචිත කරද්වය |
ශුභාදස්තු සදා දේවි ස්කන්ධමාතා යසශ්විණි ||
කාත්‍යායනි පූජාව
මහීශාසුර නම් අසුරයා විනාශ කිරිම සඳහා පාර්වති දේවිය සාග කාත්‍යායන නිවසේ කාත්‍යායනි ලෙසින් ජන්මය ලැබීය. එමෙන්ම ගෝකුල වාසි ගෝපි ලඳුන් කෘශ්ණ දෙවිඳුන්ගේ ආකර්ශනය ලබා ගැනීම සඳහා කාත්‍යායනි දේවිය උදේසා පූජා පැවැත්වූ වග සඳහන් වේ.
පාළනය කරන ග්‍රහ දේවතාවා - ගුරු ග්‍රහයා
ප්‍රියතම පුෂ්ප - රෝස පුෂ්පය
මූල මන්ත්‍රය
ඕම් දේවි කාත්‍යායනායේ නමඃ
ගයාත්‍රි මන්ත්‍ර
ඕම් කාත්‍යායනායේ විද්මහේ
කන්‍යකුමාරි දීමහි
තන්නො දුර්ගේ ප්‍රචෝදයාත්
ඕම් මහා දේවියේච විද්මහේ
කාත්‍ය පුත්‍රීච දීමහී
තන්නෝ කාත්‍යායනි ප්‍රචෝදයාත්
කාලරාත්‍රී පූජාව
දුර්ගමාසුර සහ දුර්ගා මාතාව අතර සංග්‍රාමයට පෙර දුර්ගා දේවිය දූතයා ලෙසින් දුර්ගමාසුර වෙත යවන ලද්දේ කාලරාත්‍රී දේවියයි.
පාළනය කරන ග්‍රහ දේවතාවා - සෙනසුරු ග්‍රහයා
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය
මූල මන්ත්‍රය
ඕම් දේවි කාලරාත්‍රියේ නමහඃ
ප්‍රාර්ථනා
ඒකවානි ජපකර්ණරූපා නග්න කාරස්ථිතා |
ලම්බෝශථ්ති කර්නිකාකර්ණි තෛලභ්‍යක්ත ශරීරිණි ||
වාමාපාදෝලසල්ලෝහා ලතාකාන්තකභූශණා |
වර්ධන මුර්ධද්වජ කෘශ්ණ
කාලරාත්‍රිභයන්කරි ||
මහාගෞරි පූජාව
ශෛලපුත්‍රි එනම් පාර්වති දේවිය ශිව දෙවිඳුන් විවාහ කරගැනීමෙන් අනතුරුව මහා ගෞරි ලෙසින් හැඳෙන් වෙන්නීය.
පාළනය කරන ග්‍රහ දේවතාවා - රාහු ග්‍රහයා
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය
මූල මන්ත්‍රය
ඕම් දේවි මහාගෞරියේ නමහඃ
ප්‍රාර්ථනා
ශ්වේතේ විශේෂමෘද ශ්වේතාම්භරාධර ශුචිහිඃ |
මහාගෞරි ශුභම් දධ්‍යාන්මහාදේව ප්‍රමෝධද ||
සිද්ධිදාත්‍රී පූජාව
විශ්වාරම්භයේදි ශිව දෙවිඳුන් විසින් ආදි ශක්ති දේවිය උදෙසා කළ තපස කෙරෙහි එතුමිය ප්‍රශාංසා වී සිද්ධිදාත්‍රි ස්වරූපයෙන් ශිව දෙවිඳුන් හට සර්ව සිද්ධින් ලබා දී එතුමාගේ වම් භාහුව ලෙසින් අර්ධනාරිශ්වරි ස්වරූපයෙන් ප්‍රකට වූවාය.
පාළනය කරන ග්‍රහ දේවතාවා - කේතු ග්‍රහයා
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය
මූල මන්ත්‍රය
ඕම් දේවි සිද්ධිදාත්‍රියේ නමහඃ
ප්‍රාර්ථනා
සිද්ධ ගණ්ධර්ව යක්ශධෛරාසුරෛරාමරෛරාපි
සේව්‍යමාන සදා භූයත් සිද්ධිදා සිද්ධිදායිනි
විජයදශමි, දුශේරා සහ දුර්ගා විසර්ජන
මෙදිනට අංග සම්පූර්ණ මහා දුර්ගා පුජාව පැවැත්විය හැකිය. දුර්ගා මෑණියන් සමඟ ලක්ශ්මි සරස්වති ගණපති සහ ස්කන්ධ කුමරුන්ද වන්දනා කළ හැකිය. එමෙන්ම දුර්ගා දේවිය මහීෂ නම් අසුරයා පරාජයේ කිරිමද, දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් රාම කුමරුන් රාවණ රජු පරාජය කිරිමද මෙදින සමරණු ලබයි.
Welcome to the BEST casino in Las Vegas | JTM Hub
ReplyDeleteJumba Casino is 밀양 출장안마 the largest in 동두천 출장샵 the world. With 성남 출장마사지 over 20000 slots, 사천 출장샵 live dealers, video poker 용인 출장샵 and a wide range of table games available.