මහා නවරාත්‍රී පූජාව

නවරාත්‍රී පූජාව




හින්දු දින දර්ශනයට අනුකූලව අශ්විනි මාසය එනම් සූර්‍යයා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ මහා ශරද නවරාත්‍රි උත්සවය පවත්වයි. එහිදු රාත්‍රි නවයක් පුරා දුර්ගා මෑණියන්ගේ නව ස්වරූපයන්ට පුජා සත්කාර කරනු ලබන අතර දුර්ගා දෙවඟන යනු ශක්තියේ ප්‍රතිරූපයකි.








ඝඨාස්තාපණය සහ ශෛලපුත්‍රී පූජාව 

ඝඨාස්තාපණය

තරමක් විශාල තැටියක් ගන්න (මැටි, තඹ හෝ පිත්තල) එය මැද කට තරමක් විශාල කලයක් තබන්න. ඉන්පසු තැටිය තුල කලය වටා පස් අතුරා එය මතින්  ධාන්‍ය වර්ගයක් අතුරන්න. එයට උඩින් නැවත පස් දමා තවත් ධාන්‍ය වර්ගයක් අතුරන්න. මේ අකාරයට පස් තට්ටු හතකට ධාන්‍ය වර්ග සතක් තට්ටු අකාරයට තැන්පත් කරන්න.  අවශ්‍ය නම් ජලය ස්වල්පයක්ද දමන්න. ඉන්පසු කලයයෙ කට වටා රතු නූලක් ඔතා පිරිසිදු ගංගා ජලය හෝ සත් වරක් පෙරා ගත් ජලය පුරවන්න. එයට කරාබුනැටි, සුවඳ කුඩු, නොකැඩුනු සහල්, දුර්වා තණ සහ දමා කලයේ කට වටා අඹ පත්‍ර 5ක් තබන්න. ඉන්පසු කලයේ කට උඩින් රතු රෙද්දක ඔතා ගත් පොල් ගෙඩියක් තබන්න. හැකිනම් කලයේ ස්වස්ථික ලකුණද ඇඳීමට පුළුවන.

ශෛලපුත්‍රී පූජාව 




සතී දේවිය සියදිවි තොර කර ගැනීමෙන් අනතුරුව ඇය නැවත වතාවක් පර්වත රජු ගේ දියණිය එනම් ශෛලපුත්‍රි ලෙසින් ජන්මය ලබන්නීය. ඇය වෘශාරුඩ දේවියයි. එමන්ම උමා, හිමාවති සහ පාර්වති ලෙසින් හඳුන්වන්නේද එතුමියයි.

ශෛලපුත්‍රි පූජාව සඳහා එතුමියගේම රූපයක් අවශ්‍ය නොවේ. මාතාවගේ කුමක් හෝ ශාන්ත ස්වරූපයක් ප්‍රමාණවත් වේ.  සාමන්‍ය අකාරයට ගිතෙල් හෝ පොල් තෙල් පහනක් සුවඳ දුම් පිච්ච මල් මාලයක් පළදවන්න. කැවිලි වර්ගයක්ද පූජා කරන්න.

ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - සඳු ග්‍රහයා 

මූල මන්ත්‍රය

ඕම් දේවි ශෛලපුත්‍රියේ නමඃ


ප්‍රාර්ථනා
වන්දේ වංචිතාලභය
චන්ද්‍රාර්ධාක්‍රිතශේඛරම් |
ව්‍රිශෘධම් ශූලධරම් ශෛලපුත්‍රිම් යශාෂ්විණිම් ||


ස්තෝත්‍ර
ප්‍රථමා දුර්ගා ත්වම්හී භවසාගර තරනිම් |
ධන ඓශ්වර්‍ය දායිණි ශෛලපුත්‍රි ප්‍රණමාම්‍යහම් ||
ත්‍රිලෝජනනි ත්වම්හී පරමානන්දා ප්‍රදියාමනම් |
සෞභාග්‍යාරෝගා දායිණි ශෛලපුත්‍රි
ප්‍රණමාම්‍යහම් ||
චරාචාරේශ්වරී ත්වම්හී මහාමෝහා විනාශිණිම් |
මුක්ති භුක්ති දායිණිම් ශෛලපුත්‍රි
ප්‍රණමාම්‍යහම් ||



බ්‍රහ්මචාරිණී පූජාව  



පාර්වති දේවිය ශිව දෙවියන් පැහැදවීම සඳහා වර්ෂ ගණනාවක තපසක් රකින්නීය. එතුමිය තම සියලු ලෞකික සැප සම්පත් වලින් මිදී බ්‍රහ්මචාරී ව දිවි ගෙවන්නීය. ඇය බ්‍රහ්මචාරිණි දේවියයි.



ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - කුජ ග්‍රහයා


මූල මන්ත්‍රය

ඕම් දේවි බ්‍රහ්මචාරින්‍ය නමඃ

ප්‍රාර්ථනා

දධන කර පද්මභ්‍යාමාක්ශමාලා කමණ්ඩලු |
දේවි ප්‍රසිධතු මායි බ්‍රහ්මචාරින්‍යනුත්ථම ||

ස්තෝත්‍ර

තපස්චාරිණි ත්වම්හීතපාත්‍රයා නිවරණිම් |
බ්‍රහ්මරූපාදර බ්‍රහ්මචාරිණි ප්‍රණමාම්‍යහම් ||
ශංඛරප්‍රිය ත්වම්හී භුක්ති මුක්ති දායිණි |
ශන්තිද ඥාණද බ්‍රහ්මචාරිණි ප්‍රණමාම්‍යහම්  ||








චන්ද්‍රඝණ්ඨා පූජාව 


චන්ද්‍රඝණ්ඨා දේවිය යනු පාර්වතී දේවිය ශිව දෙවිදුන්ගේ සුන්දරේශ්වර ස්වරූපය විවාහ කරගැනීමේදි දරා සිටි ස්වරූපයයි.  එතුමියගේ හිස චන්ද්‍ර දෙවිඳුන් වාසය කරන අතර ඇයගේ ඝණ්ඨා නාදයෙන් සියලු අසුර ශක්තීන් විනාශ වන්නේය.

ප්‍රියතම පුෂ්පය - පිච්ච
පාළනය කරන ග්‍රහ දේවතාවා - සිකුරු ග්‍රහයා

මූල මන්ත්‍රය 

ඕම් දේවි චන්ද්‍රඝණ්ඨාය නමඃ

ප්‍රාර්ථනා 

පිංධජ ප්‍රවරරුධ චන්දකෝපාස්ත්‍රකෛර්යුත |
ප්‍රසාධම් තනුතේ මායම් චන්ද්‍රඝණ්ඨේති විශෘත ||

ස්තෝත්‍ර 
අපධුදාරිණි ත්වම්හි ආද්‍ය ශක්තී
ශුභපරම් |
අනිමදි සිද්ධිදාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
චන්ද්‍රමුඛි ඉශ්ඨ ධාත්‍රි ඉශ්ඨම් මන්ත්‍ර ස්වරූපිණිම් |
ධණාදාත්‍රි ආනන්දධාත්‍රි චන්ද්‍රඝණ්ඨේ ප්‍රණමාම්‍යහම් ||
නාණාරූපධාරිණි ඉච්ඡාමායි ඓශ්වර්‍යධායිණිම් |
සෞභාග්‍යයරෝග්‍යධායිණි චන්ද්‍රඝණ්ඨේ
ප්‍රණමාම්‍යහම් ||



කුශ්මාණ්ඩා පූජාව



විශ්ව නිර්මාණයේදි දේවිය සූර්‍යාගේ ශක්තිය ලෙසින් කුශ්මාණ්ඩා ස්වරූපයෙන් සූර්‍යාගේ කේන්ද්‍රීය ශක්තිය ලෙසින් වාසය කරන්නට වූවාය. සූර්‍යාගේ දාහක ශක්තිය වන්නේ එතුමිය යි. සූර්‍ය දේවියන් නමස්කාර කරද සූර්‍යා දෙවියන්ගේ ශක්තියද එතුමියමය.

ප්‍රියතම පුශ්පය  - රතු පැහැ පුශ්ප
පාළනය කරන ග්‍රහ දේවතාවා - හිරු ග්‍රහයා
මූල මන්ත්‍ර 

ඕම් දේවි කුශ්මාණ්ඩාය නමහඃ
ප්‍රාර්ථනා 

සුරසම්පූර්ණ කලාශම් රුධිරාප්ලුත්මේව ච |
දධන හස්ථපද්මභ්‍යම් කුශ්මාණ්ඩා ශුභදශ්තු මේ ||








ස්කන්ධ මාතා පූජාව 


ස්කන්ධ මාතා යනු ස්කන්ධ කුමරුන්ගේ මෑණියන්ය. සකන්ධ කුමරුන් යනු ගණ දෙවිඳුන්ගේ වැඩිමහල් සොහොයුරා වේ. පාර්වති දේවියට ස්කන්ධ කුමරුන් ලැබුණු පසු එතුමිය ස්කන්ධ මාතා නමින් හැදින්විණි.


පාළනය කරන ග්‍රහ දේවතාවා - බුධ ග්‍රහයා 
ප්‍රියතම පුෂ්ප - රතු පැහැති පුෂ්ප 
මූල මන්ත්‍රය 

ඕම් ස්කන්ධ මාතායේ නමහඃ
ප්‍රාර්ථනා 

සිංහාසනගත නිත්‍යම් පද්මාංචිත කරද්වය |
ශුභාදස්තු සදා දේවි ස්කන්ධමාතා යසශ්විණි ||






කාත්‍යායනි පූජාව 




මහීශාසුර නම් අසුරයා විනාශ කිරිම සඳහා පාර්වති දේවිය සාග කාත්‍යායන නිවසේ කාත්‍යායනි ලෙසින් ජන්මය ලැබීය. එමෙන්ම ගෝකුල වාසි ගෝපි ලඳුන් කෘශ්ණ දෙවිඳුන්ගේ ආකර්ශනය ලබා ගැනීම සඳහා කාත්‍යායනි දේවිය උදේසා පූජා පැවැත්වූ වග සඳහන් වේ.

පාළනය කරන ග්‍රහ දේවතාවා - ගුරු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්ප - රෝස පුෂ්පය 
මූල මන්ත්‍රය

ඕම් දේවි කාත්‍යායනායේ නමඃ

ගයාත්‍රි මන්ත්‍ර

ඕම් කාත්‍යායනායේ විද්මහේ
කන්‍යකුමාරි දීමහි
තන්නො දුර්ගේ ප්‍රචෝදයාත්

ඕම් මහා දේවියේච විද්මහේ
කාත්‍ය පුත්‍රීච දීමහී
තන්නෝ කාත්‍යායනි ප්‍රචෝදයාත්



කාලරාත්‍රී පූජාව 




දුර්ගමාසුර සහ දුර්ගා මාතාව අතර සංග්‍රාමයට පෙර දුර්ගා දේවිය දූතයා ලෙසින් දුර්ගමාසුර වෙත යවන ලද්දේ කාලරාත්‍රී දේවියයි.

පාළනය කරන ග්‍රහ දේවතාවා - සෙනසුරු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය 

මූල මන්ත්‍රය

ඕම් දේවි කාලරාත්‍රියේ නමහඃ

ප්‍රාර්ථනා

ඒකවානි ජපකර්ණරූපා නග්න කාරස්ථිතා |
ලම්බෝශථ්ති කර්නිකාකර්ණි තෛලභ්‍යක්ත ශරීරිණි ||
වාමාපාදෝලසල්ලෝහා ලතාකාන්තකභූශණා |
වර්ධන මුර්ධද්වජ කෘශ්ණ
කාලරාත්‍රිභයන්කරි ||



මහාගෞරි පූජාව 



ශෛලපුත්‍රි එනම් පාර්වති දේවිය ශිව දෙවිඳුන් විවාහ කරගැනීමෙන් අනතුරුව මහා ගෞරි ලෙසින් හැඳෙන් වෙන්නීය.

පාළනය කරන ග්‍රහ දේවතාවා - රාහු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය 

මූල මන්ත්‍රය

ඕම් දේවි මහාගෞරියේ නමහඃ

ප්‍රාර්ථනා

ශ්වේතේ විශේෂමෘද ශ්වේතාම්භරාධර ශුචිහිඃ |

මහාගෞරි ශුභම් දධ්‍යාන්මහාදේව ප්‍රමෝධද ||




සිද්ධිදාත්‍රී පූජාව 





විශ්වාරම්භයේදි ශිව දෙවිඳුන් විසින් ආදි ශක්ති දේවිය උදෙසා කළ තපස කෙරෙහි එතුමිය ප්‍රශාංසා වී සිද්ධිදාත්‍රි ස්වරූපයෙන් ශිව දෙවිඳුන් හට සර්ව සිද්ධින් ලබා දී එතුමාගේ වම්  භාහුව ලෙසින් අර්ධනාරිශ්වරි ස්වරූපයෙන් ප්‍රකට වූවාය.

පාළනය කරන ග්‍රහ දේවතාවා - කේතු ග්‍රහයා 
ප්‍රියතම පුෂ්පය - කඩුපුල් පුෂ්පය 

මූල මන්ත්‍රය
ඕම් දේවි සිද්ධිදාත්‍රියේ නමහඃ

ප්‍රාර්ථනා

සිද්ධ ගණ්ධර්ව යක්ශධෛරාසුරෛරාමරෛරාපි
සේව්‍යමාන සදා භූයත් සිද්ධිදා සිද්ධිදායිනි




විජයදශමි, දුශේරා සහ දුර්ගා විසර්ජන 


මෙදිනට අංග සම්පූර්ණ මහා දුර්ගා පුජාව පැවැත්විය හැකිය. දුර්ගා මෑණියන් සමඟ ලක්ශ්මි සරස්වති ගණපති සහ ස්කන්ධ කුමරුන්ද වන්දනා කළ හැකිය. එමෙන්ම දුර්ගා දේවිය මහීෂ නම් අසුරයා පරාජයේ කිරිමද, දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් රාම කුමරුන් රාවණ රජු පරාජය කිරිමද මෙදින සමරණු ලබයි.





















Share:

ශ්‍රී ලලිතා පංචරත්නම් ස්තෝත්‍රය


ඔයාලා හැමෝම දන්නවාද පංචරත්නම් ස්තෝත්‍රය කියන්නේ මොකක්ද කියලා? ඔව් පංචරත්නම් ස්තෝත්‍රය කියන්නේ මැණික් පහ ස්තෝත්‍රය.
මේකට මැණික් පහ ස්තෝත්‍රය කියන්නේ මෙකේ ශ්ලෝක පහක් තිබෙනවා ඒ එක් ගාතාවක් මැණිකකටත් වඩා වටින නිසයි මේ ස්තෝත්‍රය "මැණික් 5 " ලෙස නම් ලැබී ඇත්තේ.
ආදි ශංකරාචාර්ය ඉතා සුප්රකට ගනේශා පංචරත්නම් වගේම ලලිතා මෑණියන් උදේසාත් මැණික් පහ ස්තෝත්‍රයක් රචනා කරා.
මේක ලලිතා මෑණියන්ගේ ඉතා බලගතු ස්තෝත්‍රයක් ‍‍වගේම බැතිමතුන් මේක ගායනා කරද්දි පරාශක්ති මෑණියන්ගේ මුවට කෝමල සිනහාවක් එනවා



ප්‍රාතස්මරාමි ලලිතා වදනාරවිණ්ධම්,
බිම්භාදරම් ප්‍රදූල මෞක්තික ශෝභී නාසම්,
ආකර්න දීර්ඝ නයණම් මණි කුන්ඩලද්‍යම්,
මන්දස්මිථම් මෘග මදෝජ්වල ඵල දේශම්.

ප්‍රතාර්භජාමි ලලිතා භුජ කල්ප වල්ලිම්,
රත්නංගුලීය ලසතංගුලි පල්ලවධ්‍යම්,
මාණික්‍ය හේම වලයාංගධ ශෝභ මානාම්,
පුන්ද්‍රෙශු චාප කුසුමේශු ශෘනීන් දධානාම්”.

ප්‍රාතනමාමි ලලිතා චරනාරවින්ධම්,
භක්තේශ්ඨ ධාන නිරාතම් භව සින්ධු පෝථම්,
ද්මාසනාධි සුර නායක පූජනීයම්,
පද්මාංගුෂ ද්වජ සුධර්ශන ලංචනාධ්‍යම්.

ප්‍රාතස්තුථාවී පරාශිවාම් ලලිතාම් භවානීම්,
ත්‍රයන්හා වේධ්‍ය විභවම් කරුනණාන් වධ්‍යාම් ,
විශ්වස්‍ය සෘශ්ඨි විලය ස්ථිති හේතු භූතාම්,
විශ්වෙශ්වරීම් නිගමා වං මනසාති දූරාම්.

ප්‍රාතවධාමි ලලිතේ තව පුණ්‍ය නම,
කාමෙෂ්වරීති, කමලේති මහේෂ්වරීති,
ශ්‍රී ශාම්භවීති ජගතාම් ජනනී පරේති,
වාග් දේව තේථි වචසා ත්‍රිපුරෙශ්වරීති.

යා ශ්ලෝක පංචකම් ඉධම්, ලලිතාම්භික්‍යා,
සෞභාග්‍යම්, සුලලිතම් පටති ප්‍රභාතේ,
තස්මයි ධදාති ලලිතා ජධිති ප්‍රසන්න,
විධ්‍යාම් ශ්‍රියම් විමල සෞඛ මනන්ත කීර්තිම්.

Share:

දුර්ගා මාතා පූජාව - দুর্গাপূজা




මහා දුර්ගා පුජාව සඳහා අවශ්‍ය මන්ත්‍ර








1. අවාහන සහ ධ්‍යාන

පූජාව ආරම්භ කළ යුත්තේ දුර්ගා මෑණියන්ට ආරාධනා කිරීමෙනි. ඒ සඳහා පහත මන්ත්‍රය ආවාහන මුද්‍රාව පෙන්වමින්  කියන්න



අවාහන මුද්‍රාව 

සර්වමංගල මාංගල්‍ය  ශිවේ සර්වාර්ත සාධිකේ
ශරන්‍යෙ ත්‍රයම්භකේ ගෞරි නාරායනී නමෝස්තු තේ
බ්‍රහ්මරූපෙ සධානන්දේ පරමානන්ද ස්වරූපිණි
දෘත සිද්ධිප්‍රදේ දේවි නාරායනී නමෝස්තු තේ
ශරණාගතදිණාර්තපරිත්‍රණපරයනේ
සර්වස්‍යර්තිහරේ දේවි නාරයනි නමෝස්තු තේ

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ආවාහනම් සමර්පයාමි


2. ආසන පූජාව

ඉන්පසුව මල් වර්ග 5ක් ගෙන පහත මන්ත්‍රය කියමින් දුර්ගා මෑණියන්ගේ පාදයට දමමින් එතුමියට ආසනය පූජා කරන්න

අනේක රත්ණසම්යුක්තම් නාණාමණිගනාන්විතම්
කර්තස්වරාම්‍යම් දිව්‍යමසනම් ප්‍රතිග්‍රියාතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ආසනම් සමර්පයාමි


3. පාද්‍ය ප්‍රක්ශලණ

එතුමියගේ පා දොවනය කරමින් පහත මන්ත්‍රය කියන්න

ගංගාධි සර්වතීර්තෙභ්‍යොමය ප්‍රර්තණයහ්‍රිතම්
තොයමෙතත්ශුඛස්පර්ශ පාද්යර්තම් ප්‍රතිග්‍රියාතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ පාද්‍යම් සමර්පයාමි


4. ආර්ඝ්‍ය සමර්පණ

සුවඳ පැන් පූජා  කරමින් කියන්න.

ගණ්ධපුෂ්ඵක්ශතෛර්යුක්තමාර්ග්‍යම් සම්පාදිථම් මය
ගෘහන ත්වම් මහාදේවි ප්‍රසන්න භව සර්වදා

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ආර්ඝ්‍යම් සමර්පයාමි


5. ස්නාන පූජාව

ස්නානය සඳහා ජලය පූජා කරමින් කියන්න

පයෝදාධි ගෘතම් ක්ශීරම් සිථයච සමාංවිතම්
පංචාමෘතමනේණධ්‍ය කුරු ස්ණානම් දයනිධේ

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ජලම් සමර්පයාමි


6. වස්ත්‍ර පූජාව

වස්ත්‍ර පූජා කරමින් කියන්න

වස්ත්‍රම් ච සෝම දෛවත්‍යම් ලජ්ජායස්තු නීවරනම්
මයා නිවේධිතම් භක්ත්‍ය ගෘහණ පරමේශ්වරි


ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ වස්ත්‍රම් සමර්පයාමි


7. ආභූෂණ සමර්පණ

ආභරණ පූජා කරන්න

හර කංකණ කේයුර මේඛල කුණ්ඩලදීභි
රත්ණාධ්‍යම් ඛුණ්ඩලෝපේතම් භුශණම්  ප්‍රතිග්‍රියාතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ආභූෂණම් සමර්පයාමි


 8. චන්දන සමර්පණ

ඉන්පසුව සඳුන් පූජා කරන්න.

පරමානන්දා සෞභාග්‍යම් පරිපුර්ණම් දිගංතරේ
ගෘහණ පරමම් ගන්ධම් ක්‍රිපයා පරමේශ්වරී

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ චන්දනම් සමර්පයාමි


9. කුංකුම සමර්පණ

කුංකුම පූජා කරන්න.

කුංකුමම් කන්තිධම් දිව්‍යම් කාමිණි කාම සම්භවම්
කුංකුමෙනර්චිතේ දේවි ප්‍රසිධ පරමේශ්වරී

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ කුංකුමම් සමර්පයාමි


10. මංගල ද්‍රව්‍යාර්පණ


i. සෞභාග්‍ය සූත්‍ර (මංගල සූත්‍ර )

මංගල සූත්‍රයක්  / කහ තැල්ලක් පූජා කරන්න.

සෞභාග්‍යසුත්‍රම් වරදේ සුවර්ණ මණි සංයුතේ
කන්තේ බද්නාමි දේවේශි සෞභාග්‍යම් දේහි මේ සදා

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ සෞභාග්‍ය සූත්‍රම් සමර්පයාමි

 ii. සුගන්ධිත ද්‍රාව්‍ය

සුවඳ ද්‍රව්‍යය පූජා කරන්න


චන්දනගරු කර්පුරායි සංයුතම් කුංකුමම් තථා
කස්තුර්යාදි සුගන්ධශ්ච සර්වංගේශු විලේපනම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ සුගන්ධිත ද්‍රාව්‍යම් සමර්පයාමි


iii. හරිද්‍රා සමර්පණ ( කහ )

කහ පූජා කරන්න

හරිද්‍රාරංජිතේ දේවී සුඛ සෞභාග්‍යදායිණි
තස්මත්වම් පූජයාම්යත්‍ර සුඛශාන්තිම් ප්‍රයච්චමේ

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ හරිද්‍රාචුර්ණම් සමර්පයාමි


iv. අක්ශත සමර්පණ ( නොකැඩුනු සහල්)

නොකැඩුනු සහල් පූජා කරන්න

රංජිත කංකුමෞද්‍යේණන අක්ශතශ්චතිශෝභනහ
මමෛශ දේවි ධනේන ප්‍රසන්න භව ශෝභනේ

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ අක්ශතං සමර්පයාමි



11. ඵුෂ්පාංජලි

දෝතට මල් අරගනිමින්

මංධර පරිජාතධී පටලි කෙතකණිච
ජටි චම්පක ඵුශ්පාණි ගෘහනේමණි ශෝභනේ

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ඵුෂ්පාංජලිම් සමර්පයාමි


12. බිල්වාපත්‍ර

බෙලි කොල පූජා කරමින්

අම්‍රිතෝධ්භව ශ්‍රීව්‍රික්ශෝ මහාදේවි! ප්‍රියහ සදා
බිල්වාපත්‍රම් ප්‍රයච්චමි පවිත්‍රම් ථේ සුරේශ්වරි

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ බිල්වාපත්‍රාණි සමර්පයාමි


13. ධූප ස්මර්පණ

සුවඳ දුම් පූජා කරන්න.

දශාංග ගුග්ගුල ධුපම් චන්දණගරු සංයුතම්
සමර්පිතම් මය භක්ත්‍ය මහාදේවී! ප්‍රතිග්‍රියාතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ධූපම් අග්‍රාපයාමි


14. දීප සමර්පණ

පහන් පූජා කරන්න.

ග්‍රිතවර්තිසමායුක්තම් මහාතේජො මහෝජ්වලම්
දීපම් දස්‍යාමි දේවෙශි! සුප්‍රිත භව සර්වදා

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ දීපම් දර්ශයාමි


15. නෛවේද්‍ය

අහාර පූජා කරන්න.

අන්නම් චතුර්විධම් ස්වදු රසයි ශද්භී සමාංවිතම්
නෛවෙද්‍ය ගෘහයාතම් දේවි! භක්ති මේ හ්‍යාචල කුරු

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ නෛවේද්‍යම් නිවේදයාමි


15. රිතුඵල

පළතුරු පූජා කරන්න.

ද්‍රක්ශඛර්ජුර කධලීඵල සම්‍රකපිතකම්
නරිකෙලේක්ශුජම්බධි ඵලානි ප්‍රතිග්‍රියාතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ රිතුඵලාණි සමර්පයාමි


16. නරිකෙල සමර්පණ

පොල් පූජා කරන්න.

නරිකෙලම් ච නරංගිම් කලිංගමංජිරම්ත්ව
උර්වාරුක ච දේවේශි ඵලංයෙතනි ගයාතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ නරිකෙලම් සමර්පයාමි


17. දැහැත් පූජාව

එලළවංගම් කස්තුරී කර්පුරායි පුෂ්ඵවසිතම්
විතිකම් මුඛවසර්ත සමර්පයාමි සුරේශ්වරි


ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ තාම්භූලම්  සමර්පයාමි



18. දක්ශිණා ( ත්‍යාග )

පූජා ඵලා සම්‍රිදයාර්තා තවග්‍රේ ස්වර්ණාමිශ්වරී
ස්ථාපිතම් තේන මේ ප්‍රිත පූර්ණන් කුරු මණෝරාතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ දක්ශිණාම්  සමර්පයාමි



18. පුස්තක පූජා

ධර්ම පුස්තකය පූජා කරමින් (දේවි භගවතම්)

නමෝ දේව්‍යයි මහාදේව්‍යයි ශිවායයි සතථම් නමහ
නමහ ප්‍රක්‍රිත්‍යයි භද්‍රායයි නියතහා ප්‍රණතාස්මතම්

ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ පුස්තකම්  සමර්පයාමි



19. ප්‍රදක්ෂිණා

මෑණියන් වටා වමේ සිට දකුණට තෙවරක් ගමන් කරමින්.

ප්‍රදක්ෂිණාම් ත්‍රයම් දේවි ප්‍රයත්නේන ප්‍රකල්පිතම්
පශ්යාද්‍ය පවනේ දේවි අම්භිකායයි නමෝස්තුථේ


ඕම් භුර්භුව ස්වහ දුර්ගාදේව්‍යයි  නමහ ප්‍රදක්ෂිණාම්  සමර්පයාමි



20. ක්ෂමාපන්

පූජාවේ  අඩුපාඩුවක් සිදු වූයේ නම් සමාව අයදින්න.

අපරාධා ශතම් දේවි මාත්කෘතම්ච දිනේ දිනේ
ක්ෂම්යතම් පවනේ දේවි-දේවේශ නමෝස්තුථෙ


Share:
Powered by Blogger.

Top Menu

About

LightBlog